Home » singhagiri.lk ඔන්ලයින් අලෙවිසල නිල වශයෙන් හඳුන්වා දෙයි

singhagiri.lk ඔන්ලයින් අලෙවිසල නිල වශයෙන් හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

සිංහගිරි පුද්ගලික සමාගම සිය ඔන්ලයින් අලෙවිසල වන www.singhagiri.lk වෙබ් අඩවිය ඉතා පහසුවෙන් පරිහරණය කිරීමට හැකි වන පරිදි නව මුහුණුවරකින් නැවත හඳුන්වා දී ඇත. singhagiri.lk වෙබ් අඩවිය වසර 10 කට අධික කාලයක් පුරා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ විශ්වාසවන්තව ගනුදෙනු සිදු කරමින් සාර්ථකව ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් සිටියි. ඩිජිටල් අවකාශය තුළ ඉතා පහසුවෙන් සහ වේගවත්ව අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමේ හැකියාව මෙහිදී හිමි වේ.

singhagiri.lk ඔන්ලයින් ක්‍රමවේදය හරහා අවශ්‍ය භාණ්ඩය පහසුවෙන් තෝරා ගනිමින්, වෙන් කර ගනිමින්, සුරක්‍ෂිතව මුදල් ගෙවමින් සියලු කටයුතු ඉතා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කර ගැනීමේ හැකියාව සලසා දී තිබේ. මේ අවස්ථාවට නසීර් මජීඩ්, චතුරිකා ද සිල්වා, අනූෂා මාරසිංහ, ලසන්ත අල්විස් ඇතුළු ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගි විය.

ජූලි 04 වැනිදා දක්වා singhagiri.lk වෙතින් ඔන්ලයින් මිල දී ගැනීම් සඳහා 40% දක්වා වට්ටම් හිමි වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division