සිළුමිණ ඉසිවරහි පෙර පළවූ ලිපිවල දැඩිමුණ්ඩ උතුම් දිව්‍ය රාජයාණන් වහන්සේ පිළිබඳව ඔබට කරුණු ඉදිරිපත් කළෙමි.
සුවහසක් ජනී ජනයාගේ දැවෙන තැවෙන ප්‍රශ්න ගැටලු සඳහා තම විශ්වාසය මත පිහිටා උන්වහන්සේගෙන් ආධාර සහ පිහිට ලබා ගැනීම සඳහා මාගේ අත්දැකීම් නොසඟවා ඔබට ඉදිරිපත් කළේ රටේ කොහේ හෝ කවුරු හෝ කවදා හෝ දැඩිමුණ්ඩ දිව්‍ය රාජයාණන් වහන්සේගේ නිවැරදි පිහිට ආධාරය ලබා ගන්නා ක්‍රමවේද සහ උපාය මාර්ග දැනසිටීම වැදගත් නිසාය.
උන්වහන්සේගේ අතිප්රබල අනුහස් පිළිබඳව අද ඔබට මම ඉදිරිපත් කරන්නේ දැඩිමුණ්ඩ වශී ප්‍රබල ඉනා මන්ත්‍රයයි. උන්වහන්සේගේ නිරතුරු ආකර්ශන ශක්තිය නොඅඩුව ඔබ වෙත ලඟාකර ගැනීමේ මෙම රහස් මන්ත්‍රය ඇත්ත වශයෙන්ම සිරිලක කිසිම ගුරු පරපුරක නැති තරම්ය.
සිළුමිණ ඉසිවර පාඨක ඔබේ සුබ සිද්ධිය උදෙසා මුල්වරට සිළුමිණ ඉසිවර තුළින් මෙම මන්ත්‍ර ප්‍රසිද්ධ කිරීම සිදුකළ අතර ඔබට කවදා කෙදිනක හෝ නිසැකවම මෙහි ප්‍රතිඵලය භුක්ති විඳීමට හැකිවනු ඇතැයි මාගේ විශ්වාසයයි. මෙම අති ප්‍රබල ඉනා මන්ත්‍රය පාවිච්චියේදී දේව කුලයේ වතාවත් සිදුකිරීම අනිවාර්යයි. කිලිකුණුවලින් ආරක්ෂාවීම ඉතාම වැදගත්ය. ක්‍රමවේදය සරල වුවත් ඉටුකළ යුතු වතාවත් ඉටුකිරීමට වගබලාගත යුතුය. ඒ සඳහා උපදෙස් පෙර ලිපිවලින් සපයා ඇත්තෙමි.
දැඩිමුණ්ඩ දෙවිඳුන් ඉදිරියේ ඉතාම සරලව කුඩා මල් යහනක් තනා සමන්පිච්ච මල් 7ක් ගෙන පිරිසිදු ජලය පිරවූ වීදුරුවකට දමා යහන මත තබා දුම් දී පහන් දල්වා පහත සඳහන් මන්ත්‍රයෙන් 21ක් වරක් මතුරා උදේට දිනපතා මුහුණ සෝදන්න.
ඔබ බලා සිටියෙදිම ඔබේ ප්‍රශ්න විසඳී දියුණුව අත්වෙනවාමයි සත්තයි සහතිකයි.