ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ.ජේ. දීපාලෝක
අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව පුද්ගලයෙකුගේ නමේ අකුරුවලට අනුව බොහෝ කාරණාවන් පිළිබඳ හඳුනාගැනීමට හැකියාව ඇත. ඒ අනුව පුද්ගලයෙකුගේ නමේ අකුරුවලින් හඳුනාගන්නා තීව්‍රතා අංකය අනුව චරිතය පිළිබඳ සියුම් විග්‍රහයන් කළ හැකිවෙයි.
නමක අකුරුවලට යෙදෙන අංකවලින් යම් අංකයක් වැඩි වාර ගණනක් නැවත නැවත යෙදීම මත මෙම විග්‍රහය සිදුකරනු ලබයි. ඔබේ නමට අදාළ තීව්‍රතා අංකය සොයා ගැනීම සඳහා පළමුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් කඩදාසියක ලියා ගන්න. ඉන්පසු පහත සටහනේ ආකාරයට ඔබේ නමේ ඉංග්‍රීසි අකුරුවලට අදාළ අංක ටික සටහන් කර ගන්න.
මෙම උදාහරණයෙන්
එය පහසුවෙන් තේරුම් ගනිමු.
SAMAN KUMRA
1 1 4 1 5 2 3 4 9 1
1 2 3 4 5 6 7 8 9
A B C D E F G H I
jKLMNOPQR
STUVWXYZ
ඔබේ නමට අදාළ තීව්‍රතා අංක එක සහ එයින් ලැබෙන ප්‍රතිඵල කුමන ආකාරයෙන්ද යන්න පසුගිය කලාපයෙන් සාකච්ඡා කරන ලදී. මෙම ලිපියෙන් තීව්‍රතා අංක දෙක පිළිබඳව සහ එයින් ඔබට ලැබෙන බලපෑම කොයි ආකාරයෙන්ද යන්න පැහැදිලි කරනු ලැබේ.
ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබගේ නමට අදාළව අංක දෙක හතර වරක් පස් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් යෙදේ නම් ඔබ තරමක් ආවේගශීලී උද්වේගකාරී සිතුවිලිවලින් යුක්ත පුද්ගලයෙක් වෙයි. ඔබගේ සිතුවිලි ඉතා වේගවත්ය. බොහෝවිට අන්තයටම සිතයි. යම් දෙයක් කිරීමට පෙර ඒ පිළිබඳව බොහෝ කල්පනා කරයි. සමහර විට වුවමනාවට වඩා සිතීම තුළ තීන්දුවකට තීරණයකට බැසීමට අපොහොසත් වෙන අවස්ථාද යෙදෙයි. නමුත් කල්පනා ශක්තිය අතින් ඉතා ඉහළ පුද්ගලයන් නිර්මාණකරණයෙහි ඉතා දක්ෂ වෙයි. කලාකාමී සිතුවිලිවලින් යුක්තය. සමහරවිට අධිසංවේදිතා ඇති කරන නිසා ඉක්මනින් කම්පාවට පත්වෙන ස්වභාවයද ඇති කරයි. ඔබට තැනට සුදුසු ආකාරයෙන් ඉක්මණින් වෙනස් වීමේ හැකියාව ඇත. ඒ ඒ පරිසරයට අනුව ඉක්මනින් හැඩ ගැසෙයි. සමාජශීලී ගති ලක්ෂණ ඇති ඔබ ඕනෑම කෙනෙකුට උදව් උපකාර කරමින් තම යුතුකම් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කරයි. සමහර විට තමා පිළිබඳ අධිතක්සේරුවෙන් සිතීම දුර්වලතාවයක් ලෙස දැකිය හැකිය.
අංක දෙක තුන් වතාවක් හෝ ඊට අඩු වාර ගණනක් යෙදේ නම් ඉහත සඳහන් කරන ලද ලක්ෂණ ද යම් ආකාරයෙන් අඩුවීමක් වෙයි. නමුත් අඩුවෙන් හෝ එම ලක්ෂණ බලපායි. මොවුන් ඉතා බුද්ධිමත් පුද්ගලයන් වෙයි. තැනට සුදුසු නුවණින් කටයුතු කිරීමට දක්ෂ වෙයි. බොහෝවිට සමබර ජීවිතයක් ගෙවීමේ හැකියාව ඇත. සෑම දෙයක් පිළිබඳවම හොඳ නරක විමසා බලා දෙපැත්තම ගැන සිතා කටයුතු කරයි. සහජ දක්ෂතාවලින් යුක්ත වෙයි බොහෝ විට ස්වයං රැකියා ව්‍යාපාරවලට මොවුන්ට සහජ හැකියා ඇත. අන් අයගේ යහපත පිළිබඳව සිතා බලයි. කාරුණික ගති ලක්ෂණ ඇත. නමුත් බොහෝවිට මොවුන් තේරුම් ගන්නේ නැත. තමා පිළිබඳ හොඳ තක්සේරුවකින් කටයුතු කිරීම සහ සුබවාදී ආකල්පයක් ඇතිකර ගැනීම මොවුන්ට බොහෝ සාර්ථකත්වයට හේතු වෙයි.
අංක දෙක එක්වරක් හෝ නොයෙදේ නම් ඌණ පෞරුෂයක් ඇති කළ හැකි අතර එම දුර්වලතා මඟහරවා ගැනීම වැදගත් වෙයි. නමුත් නමට අදාළ අනෙකුත් අංක ලෙස 3, 6, 9 යෙදී තිබේ නම් අංක දෙකෙන් එන දුර්වලතා මඟහැරී සාර්ථකත්වයක් ඇති කරයි. එසේත් නොයෙදේ නම් ගැළපෙන පරිදි නම වෙනස් කිරීම වැදගත් වෙයි. තීව්‍රතා අංක තුන පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.