1.1K
පුංචි දරුවන්ට නිතර හැදෙන උණ, සෙම් අමාරුව නිසා ඇති වන කැස්ස නිසා ඔවුන් ඉතා අපහසුවට පත් වෙන්න පුළුවන්. දරුවන්ට හැදෙන මේ කැස්ස සුවකර ගැනීමට පහත දැක්වෙන මෙම අත් බෙහෙත නිවෙසේදීම සදාගත හැකිය. එමෙන්ම මෙම අත් බෙහෙත වැඩිහිටයන්ට ගුණය.
පාවට්ට ගසේ පංචාංගය කොටා මිරිකා ඉස්ම බෝතලයක් සහ තල් සූකිරි රාත්තල් කාලක් මැටි හට්ටියකට දමා ලිපේ තබා පැණි පදමට උණු කරගන්න. වරකට කුඩා දරුවකුට නම් තේ හැන්දක්, වැඩිහිටියකුට නම් මේස හැන්දක් දවසට තුන වරක් ලබාදිය හැකිය. කැස්ස සුවවේ.