Home » අවුරුදු 67කට පසුව ලංගමට අරුණලු ගෙනා නව සේවා ව්‍යවස්ථාව

අවුරුදු 67කට පසුව ලංගමට අරුණලු ගෙනා නව සේවා ව්‍යවස්ථාව

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

සර 67 ක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සේවා ව්‍යවස්ථාවක් ලැබුණේ පසුගියදාය. ඒ වසර ගණනාවක ඇදි ඇදී පැවැති ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ නව ගමන් මඟක ආරම්භයක් සනිටුහන් විය. දේශපාලනික වශයෙන් පසුගිය කාලාන්තරය පුරාවට පත්වීම් හිමි වූ යුගය මෙන්ම දේශපාලන මෙන්ම විවිධ හිතවත්කම් මත ලද උසස් වීම් ලබාදුන් යුගය අහවර කරමින් මේ නව ව්‍යවස්ථාව හරහා විධිමත් මෙන්ම නීතිමය පදනමකින් යුතුව තනතුරු හා උසස් වීම් ලංගමයට ලබා දෙන යුගය ආරම්භ විය . එම සේවා ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් උසස් කිරීම් බඳවා ගැනීම් සඳහා අන්තර්ග්‍රහණය කිරීම පසුගියදා සිදුවූයේ අරලියගහ මන්දිරයේදීය. මේ කටයුතු සඳහා ගාමිණි ලොකුගේ මෙන්ම දිලුම් අමුණුගම යන ඇමැතිවරුන් ද විශාල පරිශ්‍රමයක් දරා ඇත.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 1958 ලංකා ගමනාගමන මණ්ඩලය නමින් ආරම්භ වී බඳවා ගැනීම්, උසස් වීම් ඊට අදාළ චක්‍රලේඛ හරහා සිදු විය. මේ අයතනය පසුව ව්‍යුහාත්මක වෙනස් වීම් සිදු විය. සියලුම රජයට අනුබද්ධිත ආයතන වැටුප් සම්බන්ධයෙන් වූ 30/ 2006 නමින් චක්‍රලේඛයේ පොදු ආකෘතියට අනුව මේ බඳවා ගැනීම් සිදු විය. මේ නිසා ආයතයනයේ මෙතෙක් පැවති බඳවා ගැනීමේ ක්‍රමවේද ඇතුළු වැටුප් ක්‍රම පවා වෙනස් විය. 2017.3.17 වැනි දින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තනතුරු නාම හා සේවක සංඛ්‍යාවක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත වන අතර එවකට රජයේ ප්‍රතිපත්ති අනුව ඩිපෝ 107න් ඩිපෝ 59 කට අඩුකර සේවක සංඛ්‍යාව 24,886කට අනුමත විය. නමුත් පසුව මෙහි අඩුපාඩු නැවත සමාලෝචනය කිරීමෙන් පසුව එය මත පදනම්ව සේවකයන්ට ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමක් ද ක්‍රියාත්මක විය. අතිරික්ක විශ්‍රාම ගැන්වීමේදී තුන්දහසක පිරිසක් විශ්‍රාම ගියේය. ක්ෂමා ආයතනයේ මේ පිළිබඳ කළ අධ්‍යයනයකදී ඔවුන් යෝජනා කළේ මේ ආයතන පවත්වා ගෙන යාමට 28,500 ක සේවක සංඛ්‍යාවක් ඇවැසි බවයි. 2017 සිට මේ සේවක සංඛ්‍යාවේ ගැටලු විසඳා ගැනීමට නොහැකි විය. ප්‍රාථමික සේවා ගණයට අදාළව වැටුප් පරිවර්තනය 2018.10.1 දින සිට සිදු විය. ඊට අදාළ බඳවා ගැනීම ක්‍රියාත්මක වන්නේ 2019 වසරේ සිටය. එයට අනුකූලව ප්‍රාථමික සේවා අන්තර්ග්‍රහනය කළ ද කාර්ය මණ්ඩලවලට බඳවා ගැනීම් හා උසස්වීම් ක්‍රමවේදයක් සැකසි නොතිබුණි. වෘත්තීය සමිති ඉල්ලීම් පදනම් කරමින් එවකට කළමනාකාරිත්වය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යොමු විය.

මේ සඳහා සේව වැඩවර්ජන පැවැතිණි. පැවැති අඩුපාඩු නිසා 2020 සිට කාර්ය මණ්ඩල වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව යළි මතු විය. මේ සාකච්ඡා දිගින් දිගටම සිදු විය. පසුව මේ සඳහා කමිටුවක් බිහිවී සමාලෝචනයන් සිදුවී අවස්ථා 4කදී අමාත්‍යාංශය හරහා සකස් විය. යම් යම් තැතන්වලදි මහතු වූ කරුණක් වූයේ මේ බදවා ගැනීම් ලංගමයට ආවේණික ආකාරයෙන් සිදු කළ යුතු බවයි. නමුත් ඊට විසඳුම් ලැබුණේ නැත. 2022 දී කාර්ය මණ්ලයවල වැටුප් සම්බන්ධ ගැටලු මුල්කරගෙන එතෙක් සේවකයන්ට දීමනාවක් ලබාදීමේ ඉල්ලීමක් විය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පවා ඉදිරිපත් විය. අතුරු දීමනාවක් ගෙවීමට අනුමැතිය ලැබුණි.

සේවක සංඛ්‍යා පිළිබඳ ගැටලු නිසා මේ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා විය. 2022 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ශ්‍රේණි ක්‍රමයට වැටුප් නිර්දේශ එවීය. එවිට අතුරු දීමනාව හැර මේ වැටුප් ක්‍රමය ක්‍රියාත්මක විය. සාකච්ඡා ගණනාවකින් 2024.2.14 බඳවා ගැනීමේ පටිපාටියක් ලැබුණි. නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් විසින් මීට ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දුණි. නියමිත සුදුසුකම් ඇති අය බඳවා ගැනුණි. ඒ අනුව කළමනාකරණෙ සේවා දෙපාර්තමේන්තුවෙන් අන්තර්ග්‍රහණය පිළිබද නිර්දේශ නිකුත් කෙරිණි. මේ වන විට සියලුම කාර්ය මණ්ඩල නිලධාරීන් නියුතු තනතුරුවලට අන්තර්ග්‍රහණය කෙරීය.

වැඩිවූ සේවක සංඛ්‍යාවට විසඳුම් දෙන්නේ අගමැති ප්‍රධානත්වයෙන් යුතු කමිටුවය. ඒ අධි සේවක පදනමින් අන්තර්ග්‍රහණය කිරීමටය.

“ මෙහි ඇති වැදගත්ම දේ වන්නේ 2017 ප්‍රාථමික සේවා ගණයට වැටුප් තල දුන් පසු බඳවා ගැනීම් කරන්නට බැරි බව දැනුම් දීමයි. 2017 උපදෙස් නොතකා උසස්වීම් ලබා දුන්නා. එය අභියෝගයකට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු වෙනවා. එයින් ලබා දෙන්නේ සේවා අවශ්‍යතා මත බඳවා ගැනීම් සිදු කළ හැකි බවත්, ආවරණ කටයුතු සඳහා මිස උසස් වීම් නොවිය යුතු බවටත්. අවස්ථා ගණනාවක් අපි පත්‍රිකා ඉදිරිපත් කළා. කැබිනට් එක මත ගැබුණු උපදෙස් අනුවයි මේ කාර්ය මණ්ලවල සිටින අය අන්තර්ග්‍රහණය කළේ. ලංගමයේ හැමදාම වුණේ දේශපාලන හේතු මත බඳවා ගැනීම් හා උසස් වීම් සිදුවීමයි. නුසුදුස්සන් තනතුරුවලට ඒම ගැන චෝදනා එනවා. බඳවා ගැනීම් නිසි ආකාරයෙන් කිරීමයි අවශ්‍යතාව වන්නේ. ඉදිරියේදී අධිකරණය මේ ගැන සලකා බලයි. වෙනත් ආයතනවලට මෙතෙක් නොතිබූ පිළිගත් උසස් වීම් හා බඳවා ගැනීමේ ක්‍රමවේදයක් 2022 පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වෙනවා. මේ නිසා නුසුදුස්සන්ට ඒ තනතුරුවලට එ්මක් ඉදිරියේදී සිදුවන්නේ නැහැ. මෙය ඓතිහාසික දෙයක්. ….“ ලංගමයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලකයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ සභාපති නුරාජිත් සිං පැවැසූයේ මෙවන් අදහසකි.

“ 1958 සිට ලංගමයේ අනුමත බඳවා ගැනීමේ හා උසස් වීම් පටිපාටියක් තිබුණේ නැහැ. 2017දී මේ ක්‍රමවේදයට ආරම්භයක් ලබා දුන්නේ කළමනාකරණ දෙපාර්තමේන්තුවයි. ඒ 30/2006 චක්‍රලේඛයෙන්. මෙහි ප්‍රාථමික මට්ටම අනුමත වුණේ 2018.10.1 දිනයේදීයි. එතැනින් පසුව මේ පිළිබඳව සාකච්ඡා මට්ටමින් දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් ගියා. මේ සඳහා වත්මන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විශාල පරිශ්‍රමයක් ගත්තා. 2024.6.6 දින මේ නව ව්‍යවස්ථාවට ලංගම සේවකයන් අන්තර්ග්‍රහණය කළා. මේ නව ව්‍යවස්ථාව හරහා මීට පෙර බඳවා ගැනිම් හා උසස් වීම් සඳහා බලපෑ දේශපාලන බලපෑම් ඇති වෙන්නේ නැහැ, ආණ්ඩුවක් මාරු වූ සිටින අය ඉවත් කිරීමත් එසේත් නැතිනම් දේශපාලන අධිකාරියට ඇවැසි ආකාරයට මෙයට සේවකයන් පුරවන්නටත් ඉදිරියේදී හැකියාව ලැබෙන්නේ නැහැ. මන්ද මේ නව ව්‍යවස්ථාව හරහා අනුමත බඳවා ගැනීමේ පටිපාටියක් දක්වා තිබෙන නිසා. ඉදිරියේදී මේ බඳවා ගැනීමේ පටිපාටිය අනුවයි බඳවා ගැනීම් හා උසස්වීම් සිදු වන්නේ. මේ ව්‍යවස්ථාවෙන් මේ ආයතනයේ පත්වීම්, උසස් වීම් ආදි සියලු දේ විධිමත්ව සොයා බැලෙනවා. මේ ව්‍යවස්ථාව සකස් කරන්න වෘත්තීය සංගමයක් ලෙස අපිත් මැදිහත් වුණා.

ලංගමය 1958දී පිහිටුවා මේ වන විට වසර 67යි. එදා සිට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත වූ බඳවා ගැනීමේ හා උසස්වීම් පටිපාටියක් තිබුණේ නැහැ. ඒ නිසා පසුගිය කාලයේ බඳවා ගැනීම් සිදුවූයේ විවිධ වකාවානුවල ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදි තිබූ බඳවා ගැනීමේ පටිපාටිය අනුවයි. මෙයට ලංගම ප්‍රධාන විධායක නිලධාරියා සිට පහළ සියලු ශ්‍රේණි දක්වා ඇතුළත් වුණා. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබාදුන් බඳවා ගැනීමේ පටිපාටියක් වෙනස් වන්නේ නැහැ. නමුත් විටින් විට දේශපාලන මාරුවීම් වන විට මේ බඳවා ගැනීමේ පටිපාටි වෙනස් වුණා. ඇතුළත සේවකයන් එළියට විසි වුණා. එළියේ සිටින පිරිස් ඇතුළට ආවා. ලංගමයේ 26,014 ක සේවා පිරිසක් මේ නව ව්‍යවස්ථාවට ඇතුළත් වෙනවා. නමුත් අනුමත පටිපාටියේ ඇත්තේ 24,886 ක සේවක පිරිසක් පමණයි. දැනට මේ 26,014 ම අන්තර්ග්‍රහණය කර තියෙනවා. නමුත් සිටිය හැකි සේවක සංඛ්‍යාව අනුව ඉදිරියේදී කටයුතු කළ හැකි වන්නේ 24,886 ක සේවක පිරිසක් තුළ පමණයි. ගෙවුණ කාලය තුළ ලංගමයේ මෙවැනි දෙයක් වුණේම නැහැ. අපිට හරිම සතුටුයි මෙය වෙනස් කිරීම ගැන. ලංගමයේ කිසි දවසක නොවුණ දෙයක් තමයි මේක. රජයේ ආයතන වල ව්‍යවස්ථා ක්‍රියාත්මක වුණාට ලංගමයේ එහෙම දෙයක් වුණේම නැහැ. ප්‍රමාද වී හෝ මෙය ක්‍රියාත්මක කිරීම වටිනවා”එසේ පැවසුවේ පොදු ජන ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් ජගත් රන්ජන්ය.

ලංකා ගමනාගමන මණ්ඩලයට නව සේවා ව්‍යවයස්ථාවක අවශ්‍යතාව 2017 සිට ලංගම වෘත්තිය සමිති 8 න්ම කළ සාධනීය ඉල්ලීමක් විය. ඒ එතෙක් පැවැති අඩුපාඩු දුරලන්නටය.

සුභාෂිණී ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division