ජපානයේ ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන තොගයිෂිමා ෂවරා හී ලංකජී විහාරස්ථානය ආරම්භ කර හතලිස් වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවයක් පසුගිය දා ජපානයේ දී පැවැත්වුණි. ජපානයේ ප්‍රධාන සංඝනායක සවරා ලංකජී විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සහභාගි වූයේ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතායි.
මහාබෝධි සංගමයේ සභාපති හා ඉන්දියාවේ සාංචි විහාරාධිපති අතිපූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සසුන්ගත වූ පූජ්‍ය බානගල උපතිස්ස හිමිපාණන් වහන්සේ ට ජපානයට යාමට අවස්ථාව සැලසී ඇත්තේ තකිකෝ යොෂීඩා මැතිනියගේ අනුග්‍රහය යටතේ ය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ද ථේරවාදී විහාරස්ථානයක් ජපානයේ ස්ථාපිත කිරීමේ අපේක්ෂාව මුදුන් පමුණුවාලමින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකජී විහාරස්ථානය විවෘත කරන ලදි.
තුෂාර හෙට්ටිආරච්චි