Home » ජපානයත් ලංකාවත් එක් කළ ලංකජී විහාරයේ හතළිස් වැනි සැමරුම

ජපානයත් ලංකාවත් එක් කළ ලංකජී විහාරයේ හතළිස් වැනි සැමරුම

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment
ලංකජී විහාරස්ථානය පිළිබඳව ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශකිල් සිද්ධික් මහතා විසින් රචිත විශේෂ ග්‍රන්ථය පූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම.

ජපානයේ ප්‍රථම ථේරවාදී ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය වන තොගයිෂිමා ෂවරා හී ලංකජී විහාරස්ථානය ආරම්භ කර හතලිස් වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවයක් පසුගිය දා ජපානයේ දී පැවැත්වුණි. ජපානයේ ප්‍රධාන සංඝනායක සවරා ලංකජී විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සහභාගි වූයේ නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතායි.

මහාබෝධි සංගමයේ සභාපති හා ඉන්දියාවේ සාංචි විහාරාධිපති අතිපූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සසුන්ගත වූ පූජ්‍ය බානගල උපතිස්ස හිමිපාණන් වහන්සේ ට ජපානයට යාමට අවස්ථාව සැලසී ඇත්තේ තකිකෝ යොෂීඩා මැතිනියගේ අනුග්‍රහය යටතේ ය. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ද ථේරවාදී විහාරස්ථානයක් ජපානයේ ස්ථාපිත කිරීමේ අපේක්ෂාව මුදුන් පමුණුවාලමින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකජී විහාරස්ථානය විවෘත කරන ලදි.

 

තුෂාර හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division