කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය සහ දැඩි සත්කාර ඒකකය සඳහා නවතම දැඩි සත්කාර ඒකක ඇඳන් 30ක් එක් කිරීම පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බටහිර රොටරි සමාජයේ දිස්ත්‍රික් ප්‍රධානී ජෙරොම් රාජේන්ද්රම්ගේ ප්‍රධානත්වයෙන් බටහිර රොටරි සමාජය විසින් ආරම්භ කළ, මෙඩිකල් හෙල්ප් ඉන්ටර්නැෂනල් ආයතන විසින් අරමුදල් සපයන ලද ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස මෙම ප්රදානය සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එක් වෙමින් වෛද්‍ය පාලිත මහීපාල පවසා සිටියේ මෙඩිකල් හෙල්ප් ඉන්ටර්නැෂනල් ආයතනය (MHI) විසින් මුලින් යෝජනා කරන ලද සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්මත කරන ලද මෙම කමිටුව පරිත්‍යාගශීලීන්ගේ වගවීම සහතික කිරීමට වැදගත් පියවරක් ගෙන ඇති බවය. මෙඩිකල් හෙල්ප් ඉන්ටර්නැෂනල් හරහා මේ වන විටත් ලොව පුරා රුපියල් බිලියන 60 කට අධික ඖෂධ ලබාදීමට කටයුතු කර ඇත. පසුගිය වසර දෙක තුළ රුපියල් මිලියන 200 ක් වටිනා ඖෂධ, පරිභෝජන ද්‍රව්‍ය සහ සෞඛ්‍ය ආරක්ෂණයට අදාළ උපකරණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමටද මෙඩිකල් හෙල්ප් ඉන්ටර්නැෂනල් ආයතනය (MHI) කටයුතු කර ඇත. වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, වෛද්‍ය රුවන් තුෂාර, වෛද්‍ය ඉන්දික ලැනරෝල්, වෛද්‍ය වික්‍රමසිංහ, මෙඩිකල් හෙල්ප් ඉන්ටර්නැෂනල් ආයතනය නියෝජනය කරමින් ෂාන් ෂන්මුගනාදන්, අනීෂා ධර්මදාස ඇතුළු පිරිසක් මෙයට සහභාගි වූහ.