Home » යුක්තියෙන් 165කට රතු නිවේදන

යුක්තියෙන් 165කට රතු නිවේදන

by Mahesh Lakehouse
June 15, 2024 12:36 am 0 comment

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීමත් සමඟ පාතාල ක්‍රියාකාරින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට යන-එන මං නැතිවීම නිසා මේ වන විට එවැනි අපරාධකාරයන් බොහෝ දෙනකු රටින් පලාගොස් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පැවැසීය.

හඳුනාගත් එවැනි අපරාධකාරයන් 165 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත්කර ඇතැයි ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සංවිධානාත්මක අපරාධකාරයන් 47 දෙනෙක් සම්බන්ධවද රතු නිවේදන නිකුත්කර ඇතැයි කී නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව තවදුරටත් එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරත වන පුද්ගලයන් ගැන සිදු කරන විමර්ශන සහ බුද්ධි තොරතුරු ඔස්සේ ලබාගන්නා තොරතුර මඟින් හඳුනා ගනිමින් එවැනි පුද්ගලයන්ට එරෙහිවද රතු නිවේදන කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවැසීය.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division