Home » වසර 4ක් තුළ සරසවි ප්‍රවේශය 50%කින් ඉහළට

වසර 4ක් තුළ සරසවි ප්‍රවේශය 50%කින් ඉහළට

by Mahesh Lakehouse
June 15, 2024 12:34 am 0 comment

ගෙවුණු වසර 4ක කාලය තුළ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ධාරීතාව 50%කින් වැඩිකර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සිළුමිණට පැවැසීය. පසුගියදා නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල අනුව මේ වසරේද විශ්වවිද්‍යාල පද්ධතියට සිසුන් 45,000ක ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිතය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් සිළුමිණට අදහස් දක්වමින් පැවැසූයේ 2020 වසරේ සිට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම වැඩි කරමින් පැමිණි බවයි.

එනම් 2020 වසරේ සිසුන් 30,000ක ප්‍රමාණයක සිට 2024 වසර වන විට සිසුන් 45,000ක ප්‍රමාණයක් දක්වා වැඩිකරමින් පැවැති බවත්, මේ වන විට වසර 4ක විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ධාරිතාව සිසුන් 160,000 දක්වා එනම් 50% කින් වැඩිකර ඇති බවයි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division