Home » ස්වාධීන රූපවාහිනියේ පෝදා වැඩසටහන සිතුල්පව්වේදී

ස්වාධීන රූපවාහිනියේ පෝදා වැඩසටහන සිතුල්පව්වේදී

by Mahesh Lakehouse
June 15, 2024 12:30 am 0 comment

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය විකාශය කරන සවනක් රැස් පෝදා වැඩසටහන මෙවර ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ඒ අනුව පොසොන් පෝය දින ( 21 දා) දවස පුරා එම විහාරස්ථානයේදී විවිධ පින්කම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ස්වාධීන රූපවාහිනී සේවයේ 41 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඉකුත් 5 වැනිදා එම විහාරස්ථානයේදී පැවැත්වූ බව ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ගුණවර්ධන පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division