Home » පොසොන් කලාප 12කට යුද හමුදාවේ දායකත්වය

පොසොන් කලාප 12කට යුද හමුදාවේ දායකත්වය

by Mahesh Lakehouse
June 15, 2024 12:27 am 0 comment

අනුරාධපුර සඳහිරු සෑය ප්‍රධාන කොට රටේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වෙන පොසොන් කලාප සඳහා යුද හමුදාව වෙසක් කූඩු, සැරසිලි සහ 21 වැනිදා මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩා පිටිය තුළ පැවැත්වෙන ‘ධර්ම රශ්මි‘ හෝමාගම පොසොන් කලාපයේ මහා බත් දන්සලේ ආහාර සැකසීම සඳහා යුද හමුදාව දායකත්වය ලබා දෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර සිළුමිණට පැවැසීය.

කටයුතුවලින් ද ගොඩගම ප්‍රදේශයේ පැවැත්වෙන පහන් කූඩු ප්‍රදර්ශනයට වෙසක් කූඩු සම්පාදනයෙන් යුද හමුදාව දායක වන බව ඒ අනුව පොසොන් පොහොය නිමිතිකොට රටපුරා ස්ථාන 12ක පැවැත්වෙන පොසොන් කලාප සඳහා යුද හමුදාව දායක වන බවත් එම පොසොන් කලාප අනුරාධපුර සඳහිරු සෑය ආශ්‍රිතව පැවැත්වෙන පොසොන් කලාපය සහ හෝමාගම පොසොන් කලාපයට අමතරව ජයවර්ධනපුර-ඔබේසේකරපුරදීත්, දඹුල්ලේ ස්ථාන දෙකකදීත්, අම්පාර, තිස්සමහාරාම, නිට්ටඹුව, ආණමඩුව, ජාඇල, බෙලිඅත්ත සහ මාතලේ ඇතුළු ස්ථානවල පැවැත්වෙන පොසොන් කලාපවලට ද පොසොන් සැරසිලි සම්පාදනය කරමින් යුද හමුදාව දායකත්වය සපයන බවද මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර වැඩිදුරටත් පැවැසීය.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division