Home » AIA විශිෂ්ටයන් President Club සමුළුවට

AIA විශිෂ්ටයන් President Club සමුළුවට

by gayan
June 22, 2024 12:30 am 0 comment

ජාත්‍යන්තර AIA සමූහය මගින් සංවිධානය කර වාර්ෂිකව ලොව විවිධ රටවල දී පවත්වන President Club සමුළුව සඳහා AIA ශ්‍රී ලංකා සමාගමේ ඉහළම අලෙවි කාර්ය සාධනයක් අත්පත් කරගත් සාමාජිකයින් මෙවර සහභාගී වූයේ අඛණ්ඩව 12 වන වතාවටයි. මෙවර ප්‍රංශයේ, Cannes නගරයේ දී පැවති මෙම සමුළුව සඳහා විශිෂ්ටයින් 268 දෙනකු සහභාගී වී තිබුණි. උළෙල නියෝජනය කිරීමට වරම් ලද AIA ශ්‍රී ලංකා සාමාජිකයන් වූයේ, සංජීවනී සෝමරත්න, කේ. පිරන්, පී. ඒ. රුවිනි චතුරංගිකා, ඩබ්. ඒ. ඔසාකා, අජිත් ප්‍රනාන්දු, පී. ආර්. වයි. එම්. රූපසිංහ, රසික සඳකැලුම්, කේ. ගාමිණී, ක්‍රිෂාන් දසනායක, ප්‍රියන්තා ඩයස්, විනෝල් ප්‍රියසෙනරත් යන අලෙවි බලකා සාමාජිකයින් සහ ප්‍රාදේශීය කාර්යාල කළමනාකාරිනී ඉඳුනිල් කුමාරි යන අයයි. AIA ශ්‍රී ලංකා හී ප්‍රධාන විධායක නිලධාරිනී, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන ඒජන්සි නිලධාරී ද මෙම සමුළුව සඳහා සහභාගී විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division