සාමුද්‍රකා ශාස්ත්‍රයට අනුව අල්ල පරීක්ෂා කිරීමේදී අල්ලේ රේඛාවල පිහිටීම මෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි එකකට එකක් සමාන නොවන්නාසේම එක් එක් අයගේ ඇඟිලි පිහිටි ආකාරය අනුවද එක් එක් අයගේ ගතිගුණ මෙන්ම ජීවන රටාවන්ද විවිධය.
මෙවර ලිපියෙන් මා විස්තර කරන්නේ මහපට ඇඟිල්ලේ පිහිටීම පිළිබඳවයි. ඇඟිලි අතරින් සුවිශේෂි ස්ථානයක් ගන්නා මහපට ඇඟිල්ල සිකුරු ග්‍රහයාට අයත්වෙයි.
අල්ලට සමාන තරම් විශාල වු එමෙන්ම දිගින් යුතු මහපට ඇගිලිද සමහරුන්ට පිහිටයි. එමගින් හෙළි කරන්නේ පුද්ගලයෙකු සතු ශක්තිමත් ස්වභාවයයි. උසස් සිතිවිලි සහිත ඥානයෙන් මෙන්ම බලයෙන්ද යුතු පින්බල ඇති අය එවැනි මහපටඟිල්ලක් පිහිටයි. බොහෝ ඇසු පිරු තැන්ඇති ඔවුන් කටයුතු කරන්නේ යහපත් බුද්ධියෙන් යුතුවය.
අපේ අත්වල මහපට ඇගිලි එකම ආකාරයට නොපිහිටයි. හැඩයෙන් ප්‍රමාණයෙන් වගේම වෙනත් නොයෙකුත් ක්‍රමවලිනුත් ඒවා එකකට එකක් වෙනස් ආකාරයට පිහිටිය හැක. මහපට ඇඟිලිවල දක්නට ලැබෙන එම වෙනස්කම්වලට අනුකූලව පුද්ගලයාගේ ජීවන රටාවන්ද වෙනස් වෙයි. විවිධාකාර හැඩතල ඇති මහපට ඇඟිලිවලින් හෙළිවෙන චරිත ලක්ෂණ කෙසේද කියායි දැන් විස්තර කරන්නේ.
හස්ත රේඛා විද්‍යාවට අනුව මහපට ඇඟිලි වර්ග හයකට බෙදා දැක්විය හැක. එම මහපට ඇඟිලි වර්ග හය මේ සමඟ ඇති රූපසටහනේ පෙන්නුම් කරල ඇති.
නැමෙන ඇඟිල්ල
නියපොත්ත පිහිටා ඇති පුරුක අගට ඇඟිල්ල තබා පහතට නැමුවිට දුන්නක් මෙන් පිටි අල්ල දිශාවට නැමෙන මහපට ඇඟිල්ලට කියන්නේ නැමෙන මහපට ඇඟිල්ල කියායි. සමහර අයගේ මේ ආකාරයේ මහපට ඇඟිලි අංශක 180ක් විතර පහතට නැමෙන බව දැකිය හැකියි. මේ විදියේ මහපට ඇඟිල්ලක් ඇති පුද්ගලයා නැමෙන සුළු අදහස් ඇති කෙනෙක් විය යුතුමයි. ඉතා ඉක්මනට මුළාවට පත්වෙන එවැනි අය තමන්ට වඩා බලවත් අය ඉදිරියේ බායාදු වෙනවා නිවට වෙනවා දැකිය හැකියි. එවැනි දුර්වලකම් තිබුණා වුනත් ඔවුන් හොඳ යහපත් මිනිසුන් බව නම් අපි අමතක නොකළ යුතුයි.
නොනැමෙන ඇඟිල්ල
නොනැමෙන මහපට ඇඟිල්ල තමයි ඒ එවැනි ආකාරයේ මහපට ඇඟිලි කොච්චර නැමුවත් පසුපසට නැමෙන්නෙ නැහැ. නියපොත්ත පිහිටා තියෙන පුරුක අනික් පුරුක්වලට වඩා දිගින් වැඩියි. එවැනි නොනැමෙන ඇඟිල්ලක් තියෙන අයට අනුන්ගේ පාලනය රූස්සන්නේ නැහැ. නමුත් එවැනි අය අනුන්ව පාලනය කරන්න නම් හරිම දක්ෂයි. තේජවන්ත කමක් ඒ වගේමයි. පරිපාලන සේවය, කළමනාකරණ සේවය, හමුදා සේවය වගේම උසස් දේශපාලන තනතුරු ඒ අයට ගැළපෙනවා හරි අගේට. ආත්ම විශ්වාශයෙන් කටයුතු කරන ඔවුන් හැඩි දැඩි පුද්ගලයන් වෙයි. හැම තිස්සේම කැත්තට පොල්ල වගේ ගැටුම් ඇති කරගන්නා විවාහ වුණු ගැහැනු පිරිමි ගැන ඔබ අසා ඇති. එවැනි විවාහ වුණු ජෝඩුවල මහපට ඇඟිලි පස්සට නැමෙන්නේ නැහැ. හස්ත රේඛා විද්‍යාව අනුව එවැනි මහපට ඇඟිලි දෙන්නටම තියෙනවනම් එවැනි අයට විවාහ වෙන්න තියා උපදෙස් දීම සුභ නොවේ. එවැනි අය නිරන්තරයෙන්ම එකිනෙකා යටත් කරගන්නා සටන් කරන නිසයි නොගැළපෙන්නේ.
ඇද නැති ඇඟිල්ල
වීර්‍ය්‍ය දැක්වෙන මුල් පුරුකත්, ඥානය දැක්වෙන මැද පුරුකත්, ඇදක් කුදක් නැතිව රූලත් ගැහුවා වැනි පිහිටීමත්, පුරුක් දෙකට සමාන දිගින් හා සමාන මහතින් පිහිටීමත් එවැනි මහපට ඇඟිලිවල විශේෂ ලක්ෂණයක් වේ. කලින් විස්තර කළ 2 වෙනි කොටුවේ ඇති මහපටඟිල්ලයි මේ ඇද නැති ඇඟිල්ලයි එක සමාන වගේ පෙනුනත් එහි වෙනස්කම් තියෙනවා. එකක් හිතන්න එවිට ඇඟිලි දෙකේ වෙනස ඔබට තේරුම් ගත හැකි වේවි. ඇද නැති මහපට ඇඟිල්ලක් ඇති අයට හොඳ ඥාණ ශක්තියක් පිහිටනවා. උත්පත්තියෙන්ම.
ඉඟටි ඇඟිල්ල
මැද්දෙන් හීන් වෙලා පිහිටන නිසයි එහෙම කියන්නේ. හීන් වෙන්නේ ඥානය දැක්වෙන මැද පුරුකෙන්. මැද පුරුක හීන්වෙලා නම් දෙපැත්තේ පුරුක් මහතයිනේ. එවැනි මහපට ඇඟිල්ල බැලු බැල්මට පේන්නේ ඉගටියක් වාගේ අංක 4න් පෙන්නුම් කරන්නේ ඉගටි ඇඟිල්ලේ සාමාන්‍ය පිහිටීමයි. මෙවැනි මහපට ඇඟිල්ලක් තියෙන අය හරිම නුවණක් පිහිටනවා.
උත්පත්තියෙන්ම එවැනි අයට එකම දෙයක් වැඩි කලක් කරගෙන යන්නත් බැහැ. වරින්වර තමන් කරන රැකියාව පවා වෙනස් කරනවා. මොන තරම් සැපසම්පත් තිබුණත් සෑහීමකට පත්වෙන්න බැහැ. හැම වෙලාවේම අසහනයෙන් පිරුණ ජීවිතයක් තමයි ඔවුන් ගත කරන්නේ.
මිනීමරු ඇඟිල්ල
මෙවැනි මහපට ඇඟිල්ලට කියන්නේ “මිනීමරු අඟිල්ල කියලයි. නියපොත්ත පිහිටා තියෙන පුරුක ගෝලාකාර වීමත්. යගදාවක් වාගේ ශක්තිමත් වීමත්. කෙටි වීමත් මිනීමරු මහපට ඇඟිල්ලේ විශේෂ ලක්ෂණයක් මෙවැනි මහපට ඇඟිල්ලක් ඇති අය මිනීමැරුවත් නැතත් මේ මිනිසුන් කෝප වූ විට යක්ෂයන් වගේ. පිරිමි විතරක් නොවේ ගැහැනු අයත් ඉන්නවා ඒ වගේ අය. එවැනි අය ආශ්‍රය කිරීමටවත් සුදුසු අය නොවේ. මිනීමරුවන් කීප දෙනෙකුගේම අත්වල එවැනි මහපට ඇඟිලි පිහිටා තිබු බව පර්යේෂණවලින්ද ඔප්පු වී ඇත.
මෝඩ ඇඟිල්ල
මෝඩ ඇඟිල්ල කියලා කියන කොටම ඔබට හිතෙන්න ඇති කියන්නේ මොකක්ද කියා ඔබ හිතපු හැටි හරි සාමාන්‍යයෙන් මෝඩ පහේ උදවියට තමා ඒ ආකාරයේ මහපට ඇඟිලි පිහිටන්නේ. හිතා මතා යමක් කරන්න තරම් ඥානයක් ඔවුන් තුළ නැහැ. හැම දෙයක් ගැන එකින් එක කියන්න ඕන. අනුන්ගේ මඟ පෙන්වීම යටතේ කරන බර වැඩ වාගේ දේවල් එවැනි අයට බොහෝවිට ගැළපෙනවා. නියපොත්ත පිහිටා ඇති පුරුක ඉදිමුණා වගේ මස්වලින් පිරී තිබීමත්, ගැට ගැට වාගේ අමුතුම හැඩයක් ඇතිව පිහිටීමත් එම ආකාරයේ මහපට ඇඟිලිවල කැපී පෙනෙන ලක්ෂණයක්.