Home » සතුට සැපත සෞභාග්‍ය ගෙන එන අති උතුම් ශ්‍රී ලක්ෂ්මි පූජාව

සතුට සැපත සෞභාග්‍ය ගෙන එන අති උතුම් ශ්‍රී ලක්ෂ්මි පූජාව

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

මුලින්ම ඔබ ජීවත්වන නිවස කුමන තැනක් වුනත් එය හොඳට පිරිසිදු කර කහ, දෙහි වතුරින් වත්ත පිටිය පවා දෝවනය කරන්න. කට්ට කුමංජල්, සුවඳට සුවඳ කුඩුවලින් දුම් අල්ලන්න. ගෙදර සියලු දෙනාම පිරිසිදුව සුවඳවත්ව උදය සවස පූජාසනය පිරිසිදු කර බුදුන් වඳින්න.

පිරිත් කියන්නට නොහැකි නම් පිරිත් බෝධියක් මිලට ගෙන හෝ රාත්‍රී කාලය මුළු නිවසටම පිරිත් වීමට සලසන්න. අවශ්‍ය වන්නේ භක්තිය, ගෞරවය විශ්වාසයෙන් පුරවාගෙන නිවැරැදිව මේ කටයුතුවල නියැලීමයි. තෙමසක් යාමට පෙර නිවස ධන ධාන්‍යයෙන් ආඩ්‍යව සතුට සැපත, වාසනාව, සෞභාග්‍යය ලක්ෂ්මියගේ එක බැල්මකින් රන් රිදී, මුතු මැණික්, මිල මුදල් ගලා එන මේ පූජාව නොනවත්වා සිදු කරන්න.

– උතුම් ලක්ෂ්මි ප්‍රතිමූර්තිය කිරෙන් නහවන නිසා යටින් පළඟනාවක් අවශ්‍යයි.

පූජාවට අවශ්‍ය දේවල්

– ඉතා කුඩා තඹ කලයක් අඹ කොළ පත්‍ර දමා පූජා ප්‍රසාදය සකසන්නේ මෙය මතයි.

– කිරි බෝතල් 02, රතු තිරයක්, රන්වන් පාට තිරයක්

– කුඩා තඹ පහනක්, එළඟිතෙල් බෝතල් 01

– දිග කපු ගන තිරයක්, මල් වර්ග 07ක්

– සුවඳ දුම්, හඳුන්කූරු, දාස් පෙතියා මල් වට්ටියක්

– දාස් පෙතියා මල් මාලයක්

– සුවඳ පලතුරු වර්ග 07, පොල් කිරෙන් සෑදු ගිතෙල් මිශ්‍ර පොංගල් බත් කුඩා මුට්ටියක්

– තඹ පැහැ කාසි 07,

රිදී පැහැ කාසි 07

– බුලත් කොළ 07, සහල් මිටක්, සඳුන් කුඩු ටිකක්

ඉතා බලගතු පුර දිනෙක, බලවත් හෝරාවක නිවසට ඇතුළුවන ද්වාරයට පෙනෙන ලෙස උතුරු දිශාවෙන් කුඩා ආසනයක් මතට කිරිගරුඬ ලක්ෂ්මි මූර්තිය වඩම්මා ගන්න. දින 07ක් එක දිගට උදය වරුවේ මේ පූජාව තබන්න.

පළමුව පන්සිල් සමාදන්ව තෙරුවන් නමදින්න. පිරිත් සූත්‍ර ගායනයෙන් අනතුරුව උතුම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජාව තබන්න.

මේ සියලු පින් ලක්ෂ්මි දෙවඟනට දෙමින් පූජාව පටන් ගන්න. ජීවිතය ජයගත් ධාර්මික අය, උතුම් ගණ දෙවියන්ට, මනස දියුණු ලෙස තීරණ ගන්න බුද්ධිය ලැබෙන්න, වාසනාවන්ත සිදුවීම් …. සරු බව…. දිස්නය… අසිරිය, ධන ධාන්‍ය වැසි වස්සන උතුම් ලක්ෂ්මි දෙවඟනටත් පූජා ප්‍රසාද පහනක් දිනපතා දල්වන්න.

උදෑසන හකුරු ගිතෙල් මිශ්‍ර පොංගල් බත පිස ගන්න සුවඳ දුම් (කට්ටකුමංජල් සහිත) අල්ලන්න.

පළමුව ශ්‍රී ලක්ෂ්මි දෙවඟන අප්‍රමාණ භක්තියෙන් ගෞරවයෙන් කිරිවලින් නහවන්න.

පිසදා ගත් පිළිරුව දෙස එක එල්ලේ බලා තමන්ගේ කන්නලව්ව කරමින් දාස්පෙතියා මල් මාලය පලඳන්න. දැන් රතු තිරය, රන්වන් පාට තිරය දෙවිඳුගේ දෙපා මුල තබන්න. ගිතෙල් පහන නිවෙන්නට නොදී එක දිගට තෙල් දමා දෙවිඳු ඉදිරියේ දල්වන්න. දාස්පෙතියා මල් වට්ටිය, පලතුරු 07, මල් වර්ග 07 පූජා කරන්න. අඹ පත්‍ර දැමු කළය තුළට තමන්ගේ එකිනෙක කරදර දෙවිඳුට කියමින් තඹ කාසි සහ රිදී කාසි දමන්න. බුලත් කොළ දේව ප්‍රතිමාව වටා තබා ඒ මත සහල් ඉසින්න. සඳුන් කුඩු දේවියගේ පැත්තට ඉසමින් තමා සහ පවුලේ සියලු දෙනාගේ නළල මත ගාන්න. මින් උපරිම ප්‍රයෝජනය ගන්න නම් වරු 03 ක් නොකඩවා එළඟිතෙල් දමා පහන නිවෙන්නට නොදී දල්වන්න. මේ පහනේ හාස්කම මුළු ජීවිතයටම එළිය දෙන බව සත්තයි.

දින 07 ක් මෙම පූජාව පවත්වා එතැන් සිට සාමාන්‍ය පරිදි සුවඳ දුම්, හඳුන්කූරු, මල්, පැන් දිනපතා දෙවඟනට පුජා කරමින් පිහිට ඉල්ලන්න.

“ඕම් මහා ලක්ෂ්මියේ නමහඃ”

නිතරම මෙය 3 වරක් ඉතා භක්තියෙන් කියා උතුම් දෙවිඳුට පින් දෙන්න.

ප්‍රවීණ ජ්‍යෙතිර්වේදිනි ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division