Home » විඩාපත් දෑසේ විඩාව දුරලන මාහැඟි තෙලක්!

විඩාපත් දෑසේ විඩාව දුරලන මාහැඟි තෙලක්!

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

මෙවර අප සාකච්ඡා කරන්නේ නිතරම පරිගණක තිරයක්, ස්මාර්ට් දුරකතනයක් දෙස බලාගෙන සිටින කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා වූ පිරිසට ඇතිවන අාබාධ සඳහා කෙරෙන ප්‍රතිකාර විධියක් සම්බන්ධවය.

ඊට අමතරව මෙම බෙහෙතෙන් මතක ශක්තිය වැඩි කරයි. ස්නායු උද්දීපනය කර බුද්ධිය වැඩි කරයි.

බෙහෙත සකසන ආකාරය:

ලුණුවිල ජලයෙන් සෝදා හොඳින් පිරිසිදු කර ගන්න. ලුණුවිල යනු කිවුල් දියෙහි හැදෙන ජලජ පැළෑටියකි. පිරිසුදු කළ ලුණුවිල ප්‍රමාණයට ජලය කිසිවක් එක් නොකර වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න.

පාරම්පරික දේශීය වෛද්‍ය එන්.බී. වීරප්පෙරුම

පාරම්පරික දේශීය වෛද්‍ය එන්.බී. වීරප්පෙරුම

අනතුරුව රෙදි කැබැල්ලක් ආධාරයෙන් කෙටූ ජලය මුසු ලුණුවිල මිරිකා ගන්න. එය පහසුවෙන් දියර ලෙස වැගිරෙන්නේ නැත. මිරිකන විට ලුණුවිල යුෂ වැගිරෙන්නේ පෙන වැනි ආකාරයෙනි. දෙතුන් වරක් හොඳින් කොටා ජලය මිශ්‍ර නොකර ලුණුවිල යුෂ බෝතල් දෙකක් මිරිකා ගන්න. ඊට හොඳට පොල් බවට පත් වූ තැඹිලි පොල් ගෙන ගා පොල් කිරි බෝතල් දෙකක් හදා ගන්න. ඉන් පසු කෝමාරිකා මද යුෂ බෝතලයක් ගන්න. මේ ජාති තුන පිරිසුදු නැවුම් මැටි හට්ටියක දමා පිට පිට දින තුනක් අව්වේ කකාරවා ගන්න. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ සූර්ය පුට කිරීම ලෙසය. අනතුරුව ඊට තල තෙල් බෝතල් බාගයක් එක්කර දර ලිපක තබා මද ගින්නේ විටින් විට දින තුනක් හින්දවා තෙල පෑදෙන විට ඊට කළුදුරු අවුන්ස බාගයක් පමණ ගෙන හීන් වෙන්න අඹරා මිශ්‍රණයට එක් කරන්න. අනතුරව හොඳින් කලවම් කරමින් තෙල් ගණනට පදම් වෙන්න හරින්න. තෙල් පෑදුන පසු පෙරා පිරිසිදු බෝතලයකට දමා තබා ගන්න. ස්නානය කිරීමෙන් පසු හිස හොඳින් වියැළෙන්නට හැර මෙම තෙල් ස්වල්පයක් අඩුම තරමින් හිසෙහි ගල්වා හිස සම්බාහනය කරන්න. මෙම ප්‍රතිකාරය අඩුම තරමින් සතියකට දින දෙකක් සිදුකළ යුතුය. මෙම ප්‍රතිකාරය මාස තුනක පමණ කාලයක් කිරීමෙන් මහත් ඉහළ ප්‍රතිඵල ලැබේ.

මෙය විවිධ හේතු නිසා විඩාවට පත්වන ඇස්වල විඩාව දුරලන ප්‍රතිකාරයකි. එමෙන්ම පෙනීමේ දුර්වලතා ඇති අයට දැනෙන සුළු සහනයක් මෙම ප්‍රතිකාරයෙන් ලැබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division