1K
රට පුරා සිදුවන බල අපරාධවල 24% අඩුවීමක් දක්නට ඇතැයි පොලිස් සංඛ්‍යා ලේඛන හෙළි කරයි. 2024 වසරේ මැයි මාසයේ පමණක් බල අපරාධ 2055ක් වාර්තා වූ අතර 2023 මැයි මාසයේ වාර්තා වූ බල අපරාධ සංඛ්‍යාව 1562 දක්වා අඩුවී ඇත. සමස්ත පොලිස් නිලධාරීන්ගෙන් 60%ක් මහමඟ මුර සංචාර සඳහා යෙදවීම ඊට හේතුව බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් සිළුමිණට කීය. ඒ අනුව සිදුවන මුර සංචාර සංඛ්‍යාව 55853කි. මුර සංචාර වැඩිකිරීම නිසා මෙසේ බල අපරාධ අඩුවීමක් දක්නට ලැබී ඇතැයිද වාර්තාවේ.
දීපාල් සමරසේකර