Home » සැමට එක්ව වාසය කළ හැකි රටක් හදනවා 

සැමට එක්ව වාසය කළ හැකි රටක් හදනවා 

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක

by Mahesh Lakehouse
June 22, 2024 12:34 am 0 comment

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ දකුණේ වාසයකරය ජනතාවට වගේම උතුරු නැඟෙනහිර කඳුරට වාසය කරන දෙමළ මුස්ලිම් ජනතාවට ද ජාති ආගම් කුල මල භේදයකින් තොරව සියලු දෙනාට එක්ව වාසය කළ හැකි රටක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක පෙන්වාදෙයි.

උතුරේ පැවති යුද්ධය නිසා විශාල ජනතාවක් පීඩාවට පත්ව ඇති බවත්, එහිදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු විය යුතු බව පැවති සෑම ආණ්ඩුවක්ම පිළිගෙන තිබුණත් ඒ වෙනුවෙන් ඔවුන්ට සාධාරණයක් ඉටු වී නොමැති බවද තම ආණ්ඩුවක් යටතේ ඒ සඳහා යුක්තිය ඉටු කරන බවත් හෙතෙම සිළුමිණට පැවසීය.

යුද සමයෙන් පසුව උතුරේ ජනතාවට අයත් භූමිවල හමුදාව පදිංචිව සිට ඉවත්ව ගියද මේ වනතෙක් ඒ ඉඩම් ඔවුන්ට හිමි වී නොමැති බවත් ඒ සඳහා සාධාරණ විසඳුම් ලබාදිය යුතු බවත්, එම ජනතාවගේ දේශපාලන සංස්කෘතික අයිතිවාසිකම් සුරකින රටක් බව ඔවුන්ට දැනෙන පරිදි කටයුතු කළයුතු බවද හෙතෙම පවසයි.

‘‘ රටේ ආණ්ඩුව සියලු දෙනාට එක හා සමානව සලකන බවත්, මේ රට අපි හැමෝගෙම රට බවත් ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළ යුතු අතර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සෑම දරුවකු තුළම මේ රට තමන්ගේ මවුරට බව හැඟෙන ආකාරයට මේ රට ගොඩනැඟිය යුතුයි‘‘.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division