Home » ‘බියුටි ඔෆ් ශ්‍රී ලංකා 2024’ ප්‍රදර්ශනය ඇමරිකාවේදී

‘බියුටි ඔෆ් ශ්‍රී ලංකා 2024’ ප්‍රදර්ශනය ඇමරිකාවේදී

by Mahesh Lakehouse
June 22, 2024 12:30 am 0 comment

අ‌ෙමරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය සංවිධාන කරන ලද “බියුටි ඔෆ් ශ්‍රී ලංකා 2024” (ශ්‍රී ලංකාවේ සුන්දරත්වය) ප්‍රදර්ශනය අ‌ෙමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ සහ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ ස්ථිර නියෝජිත කාර්යාලය සහ වොෂින්ටන් ඩීසී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන ලදි. එහිදී ප්‍රදර්ශනය කරන ලද අ‌ෙමරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ වනජීවී, භූ දර්ශනය සහ සංස්කෘතික උරුමයන් පිළිබඳ විස්මයජනක ඡායාරූප එකතුව දිවයිනේ සුන්දරත්වය අගයන ඒ කෙරෙහි උනන්දුවක් දක්වන රසික රසිකාවියන් විශාල පිරිසකගේ ආකර්ෂණයට ලක් විය. මෙහිදී හිරන්ති ද සිල්වා, ලක්ෂිත කරුණාරත්න, විමුක්ති වීරතුංග, රවී රණසිංහ, කේ.ජී. කීර්තිරත්න, ඇන්ඩි සමරසේන, සංජය වර්ණසූරිය, ශාන්ත වීරසිංහ, සූරිය පෙරේරා ඇතුළු ඡායාරූප ශිල්පීන්ගේ දායකත්වය ප්‍රදර්ශනය වඩාත් වර්ණවත් කළේය.

“බියුටි ඔෆ් ශ්‍රී ලංකා 2024” ප්‍රදර්ශනය මැයි 4 වන දින වොෂින්ටන් ඩීසීහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී, අ‌ෙමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සංවිධානය කරන ලද “පාස්පෝට් ඩීසී” උත්සවයට සමගාමීව පවත්වන ලදි. එහි අවස්ථාවන් දෙකකි මේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division