විද්‍යාවක් වුවද එහි කලාවක්ද නැත්තේ නොවේ. එහෙත් අතීත දේශපාලනය කුමක් වෙතත් වර්තමාන දේශපාලනය දෙස බලනා කල එහි විද්‍යාව වෙනුවට අවිද්‍යාවද, කලාව වෙනුවට මුළාවද ආදේශ වී ඇති බව පැහැදිලිව දැකගත හැකි වෙයි. තත්ත්වය කෙතරම් දුරදිග ගොස් ඇත්දැයි කිවහොත් මිනිසුන් මුළාකිරීම කලාවක් නම් එහි පිකාසෝලා ලංකාවේ දේශපාලනයේ අහුරු පිටින් සොයාගත හැකි බව පැවසිය හැක.
මීට දෑ වසරකට පෙර ශ්‍රී ලංකාව සිටියේ ව්‍යසනයේ ගැඹුරුම පතුලේය. එහි වට රටක් නැවත ගොඩ එතැයි කිසිවෙක් සිතුවේ නැත. දේශපාලන සහ සමාජීය කරුණු ගැන සමාජ මාධ්‍යයේ තම හිතලු පරම සත්‍ය ලෙස පැළ කිරීමේ යෙදුන බහුතරයක් එළිපිට කීවේ මේ රටේ සිට වැඩක් නැති බවකි. එයින් මුළා වූ තරුණයන් රැසක් සංචාරක වීසාවලින් රැකියා සොයා විදේශගත වී මේ වන විටත් අමාරුවේ වැටී සිටිති.
මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සියලු පාර්ශ්ව දේශපාලනඥයන්ට චෝදනා කළහ. වෛරය වැපිර වූහ. එහි ප්‍රතිඵලය කුමක්දැයි රටම දන්න බැවින් නැවත මෙහි කියන්නෙ නැත. ලංකාවෙන් සොරකම් කළ මුළු මුදල විවිධාකාරයෙන් විවිධ පාර්ශ්ව පවසන්නට විය. අවසානයේ සොරගත් මුදල් සහ ඒවා සඟවා ඇති තැන් සොයා ගැනීමේ වගකීම පවරුනේ ඇනොනිමස් නම් හැකර්වරුන්ටය. ඔවුන් ලංකාවේ මූල්‍ය වංචා හෙළිකරනා දිනය ලෙස විවිධ දින සමාජ මාධ්‍යයෙ පළ විය. එහෙත් අදටත් ඇනොනිමස්ලා හෙළි කළ දෙයක් නැත.
ශ්‍රී ලංකාවේ විදෙස් විනිමය ප්‍රවාහයේ වැදගත් තැනක් විදෙස්ගත ශ්‍රමිකයන්ට හිමි වී ඇත්තේය. එහෙත් කලක් ඔවුන් ලංකාවට මුදල් එවීම අඩාළ විය. ඊට හේතුව දේශපාලනික හේතුමත එක්තරා පාර්ශ්වයක් ගෙන ගිය ප්‍රචාරයන් ය. පිටරට ගිය අය ”අපේ ආණ්ඩුවක්” එනකම් සල්ලි එවන්නේ නෑ. දැන් ඉතින් ලංකාව ඉවරයි. යනුවෙන්ද මතයක් සමාජගත විය. ඒ ඇත්තන්ගේ ආණ්ඩුවක් පෙනෙන තෙක් මානයේ නැතත් මේ වන විට විදෙස්ගත ශ්‍රමික ප්‍රේශන දෑ වසරක් තුළ ඩොලර් බිලියන 11 ඉක්මවා ඇත්තේය.
අමෙරිකානු ඩොලරය වේගයෙන් ඉහළ යමින් තිබුණේය. ඒ ඉහළ යමින් තිබූ වේගයට අනුව කළ පුරෝකථනයන්ට අනුව මාසයක් තුළ ඩොලරය රුපියල් 700 ඉක්මවා යනු ඇතැයි මතයක් සමාජගත විය. ඒ අනුව සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ යනු ඇතැයි සමාජ මාධ්‍ය තුළ මත පළ විය. මේවා ඇස දුටු බොහෝ දෙනෙක් බියෙන් ත්‍රස්ත විය. එහෙත් අද වන විට ඩොලරය හොඳටම හීලෑවී හමාරය. එදා රුපියල් 700ට 800ට යන බව කී ඩොලරයට රුපියල් 300ක් ඉහළ යාම පවා සිහිනයකි.
වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා බංකොලොත් වූ රටක් වන සිම්බාබ්වේ හී ආහාර මිලදී ගන්න ඇත්තේ අහසේය. ඒ අනුව ලංකාවේද උදේට කන්නට වීල්බැරෝවක මුදල් ගෙන යා යුතුයැයි පවසන්නෝද විය. එහෙත් ඒ කිසිවක් සිදු වූයේ නැත. ලංකාවේ බෙහෙත් නැති බවත්, බෙහෙත් ගන්නට ඩොලර් නැති බවත් බිය ගන්වමින් පැතිර ගිය තවත් පුවතක් විය. අදවන විට රටේ පවති ඖෂධ හිඟය සාර්ථකව විසඳමින් ඇති බව රහසක් නොවේ. පසුගිය කාලයේ මැවුන බියකරුම බිල්ලා වූයේ උද්ධමනයයි. ලෝකයේ දෙවන ඉහළම උද්ධමනය ලංකාවෙන් වාර්තා වූ අවස්ථාවක් විය. එම අවස්ථාවේ පැතිර ගිය පුවතක් වූයේ ලෝකයේ ඉහළම උද්ධමනය ලංකාවෙන් වාර්තා වනු ඇති බවයි. එහෙත් අදවන විට උද්ධමනය තනි ඉලක්කමක් අාසන්නයටම ගෙනැවිත් අවසානය.
ගාලු මුවදොර අරගල සමයේ තරම් දේශපාලන බොරු දළු ලෑ අවස්ථාවක් ඉතිහාසයේ නැත. එහි එක් අරගල නායකයෙක් පැවසූවේ තව දුරටත් රටේ නීතිය වලංගු නොවනා බවය. මේ ප්‍රකාශය බොහෝ බරපතළ මෙන්ම නොමඟ යවනා සුලු විය. එහෙත් අවසනයේ සිදු වූයේ රටේ පවතින නීතියට රාමුව තුළම අරගලය දියාරු වීමය.
එමතුද නොව අරගලකරුවන් දිගින් දිගටම එහි රැඳී සිටිනු ඇති බවට මතයක්ද සමාජයේ පැතිරෙන්නට විය. ඊට අදාළව ඔවුන් එම බිමෙන් ඉවත්කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණයට පෙත්සමක් පවා ගොනු විය. එහෙත් දින කිහිපයකට පසු ඔවුන්ම එම පෙත්සම ඉවත් කරගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුම ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා නොවනා බවත් එබැවින් එහි යාම පලක් නැති බවට මතයක්ද මුලින් සමාජගත විය. එහි ඊළඟ දිගුව වූයේ I.M.F ණය සහනය ලංකාවට නම් කෙදිනකවත් නොලැබෙන බවය. ඇතැමුන් ඒ පිළිබඳ පසු වූයේ බලවත් සන්තෝෂයකිනි. තවත් අය I.M.F සහන ලැබෙන්නේ ජනමතයක් සහිත ආණ්ඩුවකට පමණක් බව කීවෝය. එහෙයින් වහා මැතිවරණයක් පැවැත්විය යුතු බවද පවසන්නෝ වූහ. එහෙත් අවසානයේ I.M.F ණය වාරික ලංකාවට හිමි විය. එපමණක් නොව මේ වන විට ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය මූල්‍ය අරමුදලේ ඇගැයීමටද ලක්ව ඇත.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන්ට බොහෝ විට පළමු විදේශ සංචාරයට ඇරයුම් ලැබෙන්නේ ඉන්දියාවෙනි. එහෙත් වත්මන් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය කල් ගියේය. ඉන් උද්දාමයට පත්වූවෝ බොහෝය. ඉන්දියාව ලංකාව අතහැර ඇතිබව බොහෝ දෙනෙකුගේ අදහස විය. එහෙත් මේ වන විට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ තුන්වැනි දිවුරුම් දීමට පවා ඇරයුම් ලද සීමිත පිරිස අතරේ ලංකාවේ ජනාධිපතිද විය.