මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් පුද්. සමාගම මහජන කොටස් 20%ක ප්‍රමාණයක්, කොටසක් රුපියල් 5 බැගින්, කොටස් මිලියන 25ක් පිරිනමා, රු. මි. 125ක් රැස්කිරීමට සැලසුම් කර ඇත. කොටස් පිරිනැමීම 2024 ජූලි 4 වැනි දින සිදු වේ.
USAID CATALYZE ශ්‍රී ලංකා පුද්ගලික අංශයේ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයීමේ (PSD) වැඩසටහනේ CSE ලැයිස්තුගත කිරීම් යටතේ මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් (MFPE) පළමු වැන්නා බවට පත්වේ.
වේලනී ප්‍රදේශයෙන් පැමිණි දිවංගත සිවසරමන් ගුගනාදන් මහතා මෙහි ආරම්භකයා වේ. පිටි ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු, මාළු පදනම් කරගත් ආහාර ද්‍රව්‍ය, සහල් සහ පිටි වර්ග මත පදනම් වූ ආහාර වර්ග ශ්‍රී ලංකාව තුළ මෙන්ම ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඔස්ට්‍රේලියාවට අපනයනය කරයි.
MFPE අධ්යක්ෂ තවමලර් ගුගනාදන් මහත්මිය කියා සිටියේ “2016 වර්ෂයේ මගේ සැමියාගේ අභාවයෙන් පසු ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට මගේ පුතාලා දෙන්නගෙ සහයෝගය ලැබුණා. කොටස් වෙළෙඳපොළ ආයෝජකයින් ළඟා කරගැනීමට හොඳ මූල්‍ය කාර්ය සාධනයක් සමඟ CSE ලැයිස්තුගත කිරීම්වල නිර්ණායක සපුරාලන IPO මට්ටමකට ගෙන ඒමට හැකි වීම සතුටක්…”