මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සිය 60 වැනි සංවත්සර සැමරුම පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ඊට සමගාමීව, ලීසිං, රන් ණය, ඉතුරුම් යන ක්ෂේත්‍ර ආශ්‍රිතව හරිත සංකල්පයට අනුකූල තිරසර මූල්‍ය විසඳුම් ඇතුළත් නව නිමැවුම් පෙළක් හඳුන්වා දීම ද මෙම උත්සවයේ දී සිදු කෙරිණි.
මෙහිදී අලුතින් හඳුන්වා දෙන ලද Lease Draft පහසුකම මගින් ගනුදෙනුකරුවන්ගේ සාමාන්‍ය ලීසිං අවශ්‍යතා සඳහා තරගකාරී කොන්දේසි සහිතව පහසුකම් සලසන අතර, කාන්තාවන් විශේෂ මුල්‍ය පහසුකම් ද ඊට ඇතුළත් ය. එමෙන් ම සුරක්ෂිත මෙන්ම පහසු ණය පහසුකම් පිළිබඳ අවධානය යොමු කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දුන් රන් සීට්ටු රන් ණය සේවාව මෙන්ම දරුවන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කරමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් හඳුන්වා දෙන ලද පොඩිත්තෝ ළමා ඉතුරුම් ගිණුම ද අලුතින් හඳුන්වා දෙන ලද මූල්‍ය පහසුකම් අතරට අයත් වේ.