Home » Cinnamon Hotels ආසියාවේ විශාලතම ‘හස්ති හමුව’ සංවිධානය කරයි

Cinnamon Hotels ආසියාවේ විශාලතම ‘හස්ති හමුව’ සංවිධානය කරයි

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

ආසියානු අලි ඇතුන්ගේ ලොව විශාලතම ස්වාභාවික නොහොත් ‘මහා හස්ති හමුව’ පිළිබඳ දැනුම්වත් කිරීම සහ සංරක්ෂණය අරමුණු කරගත් ‘The Gathering of Giants’ වැඩසටහන සිනමන් හොටෙල් ඇන්ඩ් රිසොර්ට්ස් විසින් 2024 අගෝස්තු 9 වැනිදා සිට 11 වැනි දා දක්වා සිනමන් හබරණ පරිශ්‍රයේදී (Cinnamon Habarana Complex) පැවැත්වීමට නියමිතය.

සෑම වර්ෂයකම නියං සමයේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේදී මෙම සුවිශේෂී හමුව සිදුවන අතර, මෙය එක් ස්ථානයකට ආසියානු අලි ඇතුන් 300ක් වැනි විශාල ප්‍රමාණයක් ඒකරාශී වන ලොව පිළිගත් ආශ්චර්යමත් ස්වාභාවික සිදුවීමක් ලෙස හැඳින්වේ.

Cinnamon Hotels & Resorts, Cinnamon Nature Trails සහ සෙලාන් බැංකුව එක්ව සංවිධානය කරන ‘The Gathering of Giants’ වැඩසටහනේ අරමුණ වන්නේ ඵලදායී ලෙස අලි මිනිස් ගැටුම් කළමනාකරණය කිරීමේ සහ සහජීවනයේ අවශ්‍යතාව ඉටු කරමින් මෙම සොබාදහමේ සුවිශේෂී අවස්ථාව සැමරීම සහ සංරක්ෂණය කිරීම වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division