Home » තීව්‍රතා අංක හතර නමට 4 වාරයක් හෝ ඊට වැඩි නම් ඔබ ශක්තිවන්තයෙක්

තීව්‍රතා අංක හතර නමට 4 වාරයක් හෝ ඊට වැඩි නම් ඔබ ශක්තිවන්තයෙක්

මෙවර තීව්‍රතා අංක 4 හිමියෝ

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

– තීව්‍රතා අංක 4 හිමියෝ වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමට දක්ෂයෝ
– අංක 4 එක් වරක් හෝ නමට නොයෙදේ නම් පෙර කළ අකුසලයක් පලදීම අත ළඟ
– නමට අංක හතර 2වරක් හෝ 3 වරක් යෙදේ නම් සංචාරයට ප්‍රිය ඇත්තෙක්

අංක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව පුද්ගලයෙකුගේ නමේ අකුරුවලට අනුව බොහෝ කාරණාවන් පිළිබඳ හඳුනා ගැනීමට හැකියාව ඇත. ඒ අනුව පුද්ගලයෙකුගේ නමේ අකුරුවලින් හඳුනා ගන්නා තීව්‍රතා අංකය අනුව චරිතය පිළිබඳ සියුම් විග්‍රහයන් කළ හැකිවෙයි.

නමක අකුරුවලට යෙදෙන අංකවලින් යම් අංකයක් වැඩි වාර ගණනක් නැවත නැවත යෙදීම මත මෙම විග්‍රහය සිදු කරනු ලබයි. ඔබේ නමට අදාළ තීව්‍රතා අංකය සොයා ගැනීම සඳහා පළමුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් කඩදාසියක ලියා ගන්න.

ඉන්පසු පහත සටහනේ ආකාරයට ඔබේ නමේ ඉංග්‍රීසි අකුරුවලට අදාළ අංක ටික සටහන් කර ගන්න.

මෙම උදාහරණයෙන් එය පහසුවෙන් තේරුම් ගනිමු.

SAMAN KUMRA

1 1 4 1 5 2 3 4 9 1

ඔබේ නමට අදාළ තීව්‍රතා අංක 1, 2,3, පිළිබඳ සහ එයින් ලැබෙන ප්‍රතිඵල කුමන ආකාරයෙන්ද යන්න පහුගිය කලාප වලින් සාකච්ඡා කරන ලදි. මෙම ලිපියෙන් තීව්‍රතා අංක 4 පිළිබඳව සහ එයින් ඔබට ලැබෙන බලපෑම කොයි ආකාරයෙන් ද යන්න පැහැදිලි කරනු ලැබේ.

ඔබේ නමට අදාළව තීව්‍රතා අංක හතර හතර වරක් හෝ ඊට වැඩි වාර ගණනක් යෙදේ නම් ඉතාමත් ශක්ති සම්පන්න පුද්ගලයෙක් බවට පත්කරයි. පුංචි පුංචි දේවල් කිරීමට කැමැති නැත. කරන දේ ලොකුවටත් ඉතා හොඳටත් කිරීමට උත්සාහ කරයි. අනිත් අය කිරීමට අකැමැති දේ කිරීමට කැමැති වෙයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට දක්ෂය. මොවුන් ඉතා ප්‍රායෝගිකය. හොඳ සංවිධාන ශක්තියක් මොවුන්ට තිබේ. අනවශ්‍ය දෙයට ඕනවට වඩා කාලය, ශ්‍රමය කැප කිරීම දුර්වලතාවයක් ලෙස දැකිය හැකියි. කෙසේ නමුත් සාර්ථක ජීවිතයකට උරුමකම් කීමේ භාග්‍යය පවතී.

අංක හතර දෙවරක් හෝ තුන් වරක් යෙදේ නම් ඉහත සඳහන් කරන ලද ලක්ෂණ මධ්‍යම වශයෙන් ක්‍රියාත්මක වෙයි. මොවුන්ට අාධ්‍යාත්මික මානසික වශයෙන් දියුණුවක් ලැබීමේ හැකියාව ද පවතී. නමුත් තමන්ගේ චංචල සිත එක්තැන් කර ගැනීමට යම් උත්සාහයක් ගත යුතුයි. බොහෝ විට ඇවිදිලි අධික වෙන අතර ඇවිදීමට ද සංචාරයට ද ප්‍රිය කරන කෙනෙක් වෙයි. අලුත් දේවල් අත්හදා බලන්නට නිතර කැමැත්ත ඇත.

අංක හතර එක් වරක් හෝ නොයෙදේ නම් එයින් අදහස් වන්නේ පෙර ආත්මවල තමා විසින් කරන ලද යම් කර්ම විපාකයක් අත්විඳීමට ඇති බවයි.

එය මේ ආත්මය තුළ යම් කර්මයක් ලෙස ගෙවීමට ඇති හැකියාව පවතී. බුද්ධිමත්ව දුරදිග සිතා කටයුතු කිරීමෙන් මේවා දුරු කර ගැනීමටත් සාර්ථකත්වය ඇතිකර ගැනීමටත් හැකියාව ඇත. නමට අංක දෙක හය සහ අට කියන ඉලක්කම් යෙදී තිබේ නම් එය අයහපත් පල අඩුකර ගැනීමට හේතු වෙයි. කොහොම නමුත් රාහුට හිමි අංක හතර නමකට යෙදී තිබීම පුද්ගලයා ක්‍රියාශීලී කිරීමට හේතුවක් වෙයි.

තීව්‍රතා අංක 5 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division