Home » හනුමාන්ගෙන් වැඩ ගත හැකි ප්‍රබල මන්ත්‍රයක්

හනුමාන්ගෙන් වැඩ ගත හැකි ප්‍රබල මන්ත්‍රයක්

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

– හනුමාන් වෙනුවෙන් යහන් පහන් තනා මන්ත්‍රය සිද්ධිකර ගන්න
– දින 27-90 ඇතුළතදි ප්‍රබල ප්‍රතිඵල

නුමාන් දෙවියන් පිළිබඳව ඉන්දියාවේ මෙන්ම මෙරට ද ඇති පුරාවෘත්තයන් පිළිබඳව අප අසා ඇත්තෙමු. ඇත්තටම ඒවා හනුමාන් දෙවියන් පිළිබඳ රසබර කතාන්දරයි. රාවණා රජ සමයේ හනුමාන්ගේ විස්කම් පිළිබඳව ද ඔබ අසා ඇතිවාට සැක නැත.

සීතා දේවියට ඇතිවූ යම් අසනීපයකදී එය සුවකර ගැනීම සඳහා කිසියම් ඖෂධ වර්ගයක් වුවමනා වූ විට එම ඖෂධය හිමාලයෙන් ගෙන ඒමේ වගකීම පැවැරුණේ හනුමාටය. හනුමා හිමාලයට ගිය විට තමන් ගෙන ඒමට ගිය ඖෂධයේ නම අමතක විය. ඉන් අනතුරුව හනුමාන් කරන්නේ ඖෂධ විශාල ප්‍රමාණයක් සොයාගෙන ගොස්, රාවණා රජුට භාර දීමයි. සීතා දේවියට අවශ්‍ය ඖෂධය එම ඖෂධ ගොන්නේ නොතිබිණි.

රාවණා රජු මේ ගැන හනුමාන්ගෙන් විමසද්දී හනුමාන් කියා ඇත්තේ ‘උනේ වැටුණා’ යැයි කියාය. අද උනේ වැටුනා යැයි ප්‍රසිද්ධව ඇත්තේ ගාලු දිසාවේ උණවටුන ප්‍රදේශයයි. එම ඖෂධය උණවටුනේ අදටත් ඇති බව ප්‍රසිද්ධ කතාවකි. අදාළ ඖෂධය අංජනම් ඇඹරීමට ගන්නා ඖෂධ අතරින් ප්‍රධාන එකකි.

ඕනෑම අංජනමක පලය රැගෙන යන්නේ හනුමාන්ය. ඕනෑම ස්ථානයකට පණිවුඩකරුවකු ලෙස හනුමාන් යැවිය හැකිය. සත්‍ය මෙන්ම අසත්‍ය ප්‍රකාශ කිරීම ද හනුමාන්ගේ සිරිතයි.

මම මෙම පුරාවෘත්තය ඔබ වෙත ඉදිරිපත් කළේ මේ ගැන විශේෂ තොරතුරක්, පණිවිඩයක් ඔබට ලබාදීම සඳහායි. එය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ මාගේ අත්දැකීම් අනුවය.

සාමාන්‍යයෙන් හනුමා හැමදෙනෙකුටම පෙනෙන්නේ නැත. නමුත් රූප ස්වාභාවය ලෙහෙසියෙන්ම සිතෙහි මවාගත හැකිය. හනුමාන් වඳුරෙකුගේ මූලික හැඩය සහිතය. හනුමාන් සත්‍ය වශයෙන්ම දැකගත හැකි පින්වත් පිරිසක් ද ඇත. ඒ අංජනම් එළි පෙනෙන දකින බලන අයයි. හනුමාන්ගෙන් වැඩගත හැක්කේ අංජනමක් තුළින් පමණක් යැයි ඔබ සිතනවා නම් මාගේ මේ ශාස්ත්‍රීය ජීවිතයේ ඒ පිළිබඳව එක් අත්දැකීමක් පමණක් ඔබගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කරමි.

හනුමාන් ගැන සොයා බලද්දී අපූරු සහ බලගතු මන්ත්‍රයක් පුරාණ පුස්කොළ පොතක තිබී මට හමුවිය. එහි සඳහන් ක්‍රමවේද ඔස්සේ ශාස්ත්‍රීය කටයුත්තක් විශ්වාසවන්ත සේම එක් අරමුණක් උදෙසා සිදුකළ විට එය ඒ ආකාරයෙන්ම සිදුවූයේ විස්මයජනක ලෙසය.

හනුමාන් දෙවිඳුන් වෙනුවෙන් සාමාන්‍යයෙන් සකස් කරන සුපුරුදු මල්යහන නිසි පරිදි සකසා පුස්කොළ පොතේ සඳහන් අයුරින් එහි උපදෙස් නිසි පරිදි ඉටුකර යහනට මීටර 300ක් පමණ ඈතින් දිවුල්ගෙඩියක් සඟවා එය සොයාගෙන එන ලෙස හනුමාන්ට ආරාධනා කළ විට එය කී පරිද්දෙන් මල්යහන මතට ගෙන ඒමට හනුමාන්ට හැකිවිය. එය පුදුම කරවන අපූරු සිදුවීමකි. අංජනමක් හෝ වෙනත් ඖෂධ බලයක් මේ සිද්ධිය ඇතුළත නොතිබිණි. තිබුණු එකම දේ මන්ත්‍ර බලයයි. එය වෙහෙස කරවන කටයුත්තක් වුවද පුදුම කරවන සුලුය. පුදුම කරවන සිද්ධියකි. මේ ලිපිය දිගින් දිගටම කියවන ඔබට මෙය අත්හදා බැලිය හැකිය.

මේ ක්‍රමය සඳහා අදාළ මන්ත්‍රය සිද්ධි කරගත යුතුය. මන්ත්‍රය සිද්ධිකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් දින 27 සිට දින 90ක් පමණ ගතවේ. මන්ත්‍රය සිද්ධි වූ විට නිතර නිතර එම කටයුත්තේ නිරත වන්නේ නම් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව මම පවසන්නේ වගකීමෙනි.

හනුමාන්ගෙන් යහපත් වැඩ සිදුකරගන්නා මන්ත්‍රය මෙසේය.

ඕං හිං අක්‍රකායම් ඉන් සන්ධි එප්පේන්
සං සං දේවරී නාරාම් හරි හර දේව
මාලා ජීවනේ පවිත්තු පව්රාම් ශ්‍රි ශ්‍රිං
වර වරාම් හනුමා දිව්‍ය රාජ ඒස්වාහං

මන්ත්‍රය තමාටම සිද්ධි කරගත යුතුය. අපූරු අත්දැකීමක් ඔබට අත්විඳිය හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division