ප්‍රධාන උළුවස්සේ පිහිටි බිත්තියේ උස මෙන් දෙගුණයක මිදුලක් නිවෙස වටා තිබිය යුතුයි
ගස් වැල් සහ මලින් පිරී ගිය ගෙමිදුලක් නිවෙසට එක් කරන්නේ අපූර්ව සිරියාවකි. ගස්, වැල් සහ මල් පිළිවෙළට සහ ක්‍රමවත්ව සිටුවා ඇති නිවෙසකට සෙවණ, සිසිල මෙන්ම ආහාරද නිරායාසයෙන් හිමි වේ.
එපමණක් නොව ගස්, වැල්, මල් සිටුවීම මහත්ඵල මහානිශංස දෙන පුණ්‍යකර්මයක් ලෙස ද ආගම දහමේ ඉගැන්වේ. යමෙක් මහා මාර්ගය අසල යම් ගසක් සිටුවන්නේද, ඒ අසලින් ළිඳක් තනන්නේ ද ඔහු දිව්‍ය ලෝකයේ සියලු සැප ලබමින් යුග හතරක් වාසය කරන බව කියැවේ. දිව්‍ය ලෝකයේ එක් යුගයක් යනු වර්ෂ 43,20,000 කි. එමෙන්ම යමෙක් එක් බෝ ගසක්ද, එක් කොහොඹ ගසක්ද, එක් නුග ගසක්ද, සියඹලා ගස් 10 ක්, දිවුල්, බෙලි, නෙල්ලි ගස් 03 ක්, හෝ අඹ ගස් 05 ක් සිටුවන්නේ නම් හෙතෙම නරකය නොදකින බවද කියැවේ. එසේ වුවද ගෙමිදුලක ගස් වැල් සිටුවීම ආවාට ගියාට, හිතුමතයට කිරීම නුසුදුසු බව වාස්තු විද්‍යානුකූල මතයයි.
නිෙවසේ ප්‍රධාන උළුවස්ස තිබෙන බිත්තියේ උස මෙන් දෙගුණයක් ගේ වටා ගෙමිදුල තිබිය යුතු බව වාස්තු විද්‍යාවේ දැක්වෙන අතර එම ගෙමිදුලේ සිටුවීමට සුබ සහ අසුබ ගස් වර්ග සහ ඒවා සිටුවීමට සුදුසු දිශා හඳුනාගෙන එයද ඉතා නිවැරදිව සිදු කළ යුතුය. එසේ නොවුණහොත් නිවැසියන්ට දිළිඳු බව, රෝග පීඩා, භූත දෝෂ, අඩදබර, දියුණුවට බාධා මෙන්ම දරුවන් අකීකරුවීම ආදිය ඇති විය හැකිය. ගෙමිදුලේ සුබ ස්ථානවල සුබ ගස් වැල් රෝපණය කිරීමෙන් නිවෙසට වාසනාව, යසස, දියුණුව, සතුට, සමාදානය ඇති වේ.
නාගවල්ලිය, බුලත්, දෑසමන්, සමන් පිච්ච,සඳුන්, බෙලි, පිහිඹිය, කොහොඹ, වැටකේ, කඩුපුල්, ඕකිඩ්, අඹ, කොබෝනීල වැනි ගස් ගෙමිදුලක සිටුවීමට සුදුසුය. මේවායින් උසට වැවෙන ගස් සහ මල් වර්ග නිරිත දිසාවට ද, උසට නොවැඩෙන, අතුපතුර විහිදී නොයන ගස් සහ මල් වර්ග ඊසාන දිශාවට ද සිටුවීම සුබදායකය. ගෙමිදුලේ සිටුවන ගස් නිෙවසේ ප්‍රධාන උළුවස්සට සම්මුඛ වන පරිදි නොසිටුවීමට ද වග බලා ගත යුතුය. එය වේධ දෝෂයක් වන අතර ඉන් නිෙවසට හමා එන සුළඟින් ලැබෙන වාතාශ්‍රය නිසි ලෙස නිවසට ලැබීමට බාධාවක් ඇති වේ. එමෙන්ම උල් කටු සහිත ගස් වර්ග, පැඟිරි වර්ගයට අයත් ගස් වර්ග, කිරි සහිත ගස්, රතුපාට මල් ගස්, තැඹිලි පාට මල් ඇති ගස්, අරලිය ගස්, තැඹිලි ගස් ප්‍රධාන දොරටුව කෙළින් හෝ නිවස ඉදිරිපිට මිදුලේ වැවීම අසුබදායකය. එමෙන්ම දිගටි කෙඳි සහිත රාත්‍රී කාලයේ නිදා ගනු ලබන ගස් වර්ග ද, කිරි සහිත මල් වර්ගද වැවීම අසුබදායකය. එය නිවැසියන් අතර, සුහදතාව අඩු වීමට, ප්‍රශ්න, කරදර, අඬදබර නිතර ඇතිවීමට හේතු වේ. ඒ හැර විෂ සහිත කටු ඇනීමෙන් නිවැසියන්ට හානි සිදුවීමට ද ඉඩ ඇත.
රැකියාව සහ ආදායම නියෝජනය කරන උතුරු දිශාවේ කටු සහිත ශාක නොවවා කෙටි උසක් ඇති මුල් අධිකව නොයන ගස් සිටුවිය යුතුය. පැඟිරි වර්ගයට අයත් දෙහි, දොඩම් ආදී ගස් ද උල් සහිත පත්‍ර තිබෙන ගස් ද, එහි නොවැවිය යුතුය.
සුදු පාට සහ නිල් පාට මල් සහිත ගස් වර්ග, උතුර සහ ඊසාන දිශාවල සිටුවීම සුදුසුය. ඉන් නිෙවසට මහා විශ්ව ශක්තියක් ගෙන දෙන අතර නැගෙනහිර සහ ගිනිකොන දිශාවන්ට රතුපාට තැඹිලි පාට, රෝස පාට මල් සහිත ගස් සුදුසුය. ධනයට අධිපති ගිනිකොන දිශාවේ උඳුපියළිය වැනි කෙටි ශාක වර්ග, පඳුරු ගස් වර්ග, පලතුරු වර්ග ආදිය සිටුවීම සුදුසුය.
දකුණ සහ නිරිත දිශාවන්ට කහ පාට වර්ණයෙන් යුත් මල් ගස් වැවීම සුදුසුය. දකුණු දිශාව බලපාන්නේ ප්‍රසිද්ධිය සඳහාය. එම දිශාවේ කටු ගස්, උල් පත්‍ර සහිත ගස් පැඟිරි වර්ගයේ ගස් වර්ග නොවැවිය යුතුය. උතුර, නැගෙනහිර දිශාවන්හි රවුම් පත්‍ර සහිත, වඩා උස් නොවන මිටි ගස් සිටුවීම සුදුසුය.
කොහොඹ, සඳුන් වැනි ඖෂධීය ශාක නිෙවසට තරමක් දුරින් සිටුවීමෙන් නිවැසියන්ට නීරෝගි බව හිමි වන අතර එවැනි ගස් ඔස්සේ පිටවන සුවඳ සහ ඉන් නිකුත් වන කිරණ නිවැසියන්ගේ ශරීර සෞඛ්‍යයට හිතකර වේ.
ජ්‍යෝතිෂවේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස