මේෂ
මිශ්‍රඵල ගෙන දෙයි
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් හරහාය. ආවේගශීලී අවස්ථා මතුවිය හැකිය. විශේෂයෙන් මවගේ සිත් රිදීම් ඇතිවිය හැකි බැවින් කථාබහේදී ප්‍රවේශම් වන්න. දෙවන තුන්වන දිනවලදී ඔබගේ කථාබහ කාටත් ප්‍රියමනාප වනු ඇත. ගෘහ ජීවිතය තුළ උනන්දුවෙන් කටයුතු කරයි. ඇවිදිලි වැඩිවේ. සහජ දක්ෂතා තුළින් උපයයි. අපල අවම කර ගැනීමට ඉවසීම හා මෛත්‍රී සහගත වන්න.
සුබ අංක – 4, 5, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
වෘෂභ
සුබ සතියකි
සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2 සහ 3 වැන්න හරහාය. ආරම්භය දුර ගමනක් යෙදිය හැකි අතර එසේ නොවේ නම් ගැටලු සහගත දිනයක් විය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඉන්පසු දින කිපය අයහපත් නොවේ. ආර්ථිකය ශක්තිමත් ලබැඳි හිතමිතුරන් හමුවන බව පෙනේ. සහෝදර උපකාර හිමිවන අතර දැඩි ආත්මශක්තියක් ගෙනදේ. අපල අවම වීමට මෛත්‍රී භාවනාව කරන්න.
සුබ අංකය – 6, සුව වර්ණ – සුදු, ක්‍රීම්, සුබ දවස් – බදාදා, සිකුරාදා
මිථුන
ලැබීම් සහිතයි
සඳු ගමන් ගන්නේ 11, 12, 1, 2 යන භාවයන් හරහාය. ඔබගේ ආර්ථිකය ශක්තිමන් වන සතියකි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ හිමිවේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් දක්නට ලැබෙන අතර උගත් උසස් අය ඇසුරට ලැබේ. ගෘහ ජීවිතයේ දියුණුව පිණිස උත්සාහයක යෙදෙයි. ඔබ රැවටිලිවලට ලක්වීමේ අවදානමක් පෙන්නුම් කරන බැවින් කල්පනාකාරී වන්න. අපල අවම කර ගැනීමට උදේ සවස බුදුන් වඳින්න.
සුබ අංක – 3, 5, සුබ වර්ණය – කොළ, සුබ දවස් – සිකුරාදා, බදාදා
කටක
යහපත් වූ සතියකි
සඳු ගමන් ගන්නේ 10, 11, 12, 01 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ගෙනදෙන සතියකි. ඇවිදිලි වැඩිවේ. සමාජශීලී වැඩවලට යොමුවේ. කිර්තිය ප්‍රසිද්ධිය ලබයි. ගෘහ ජීවිතය තුළ සතුට සමාදානය ඇතිවේ. දරුවන්ට ද යහපත්ය. නැණ නුවණින් කටයුතු කරයි. එසේ වුවද සිත්රිදීම් කලකිරීම් වැනි දේට ඉඩ ඇත. අපල අවම වීමට සුදුමල් බුදුන්ට පූජා කර පත්තිනි මෑනියන්ට පින් දෙන්න.
සුබ අංක – 2, 7, සුබ වර්ණ – සුදු, කහ, සුබ දවස් – සඳුදා, අඟහරුවාදා
සිංහ
පුණ්‍ය කටයුතුවලට දායකත්වය
සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. ආරම්භයේ සිටම මෛත්‍රී සිත් පෙරදැරිව කටයුතු කරන අතර ගෘහ ජීවිතය දරුවන්ගේ ඉගෙනුම් කටයුතු යහපත් අතට හැරේ. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලබයි. අවසාන දිනයේ ගැටලු මතුවිය හැකියි. විදෙස්ගතවීම් හෝ විදේශගත හිතවතුන්ගේ පැමිණීම සිදුවිය හැකියි. අපල අවම වීමට මෛත්‍රී සහගත වන්න.
සුබ අංක – 1, 4, සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
කන්‍යා
ගෙදරදොර සමගිය
සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භයේ කනගාටුදායක පුවත් සැලවිය හැකි වුවත් ඉන්පසුව දින කීපය අයහපත් නොවේ. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ඉපයීම් කළ හැකි ගෙදරදොර සමගිය දරුවන්ගේ යහපත් බව ගොඩනැඟෙයි. පුණ්‍ය කටයුතු, සමාජ සේවා කටයුතු ආදියට සහභාගිත්වය ඇතිකරයි. උත්සාහයෙන් යමක් උපයා ගත හැකි දින කීපයකි. අපල අවම වීමට අලුයම් කාලයේ බුදුන්ට පැන් වීදුරුවක් තබන්න.
සුබ අංක – 2, 3, සුබ වර්ණය – කොළ, සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා
තුලා
රැකියා, ව්‍යාපාර ලාභ
සඳු ගමන් ගන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ඉපයීම් කරන්නට හැකි බැවින් උනන්දු වන්න. පුණ්‍ය කටයුතුවලට සහභාගිත්වය මේ සතිය තුළ යෙදේ. අන්‍යයන්ට උදව් උපකාර කිරීමට මෙන්ම ගෙදරදොර පිළිවෙළ පිරිසිදුකම ආරක්ෂා කරයි. සහජ දක්ෂතා ඔප්නැංවෙයි. අපල අවම වීමට අන්‍යයන්ගේ කථාබහට සහභාගී නොවන්න.
සුබ අංකය – 6, සුබ වර්ණ – ක්‍රීම්, සුදු, සුබ දවස – සිකුරාදා
වෘශ්චික
මිශ්‍රපල ගෙනදෙයි
සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතයේ ගැටලු ඇතිවිය හැකි බැවින් කථාබහ සීමා කරන්න. වාද විවාදවලට නොයන්න. ව්‍යාපාරවලින් ලාභ ඉපයීම් කළ හැකිය. විදෙස්ගතවීම් යෙදිය හැකි අතර එතෙර සිටින ඥාති හිතවතුන්ගේ පැමිණීමක් ද පෙන්වයි. සතිය අවසානයේ පූජ්‍ය පක්ෂයේ හිමිවරුන්ගේ උපදේශ ලබයි. අපල අවම වීමට අක්ෂි රෝගීන්ට උපකාර කරන්න.
සුබ අංක – 4, 5, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු
ව්‍යාපාර ලාභ
සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 යන භාවයන් හරහාය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවෙයි. මව සමඟ කථාබහේදී සිත් රිදීම් ඇති නොවන්නට වගබලා ගැනීම වැදගත් වේ. රැකියා, ව්‍යාපාර ලාභ හිමිවන විදෙස්ගතවීම්වලට ලිපි ලේඛන සකස් කරන සතියකි. අපල අවම වීමට කුසගින්නේ සිටින කෙනෙකුට ආහාරයක් ලබා දෙන්න.
සුබ අං – 5, 6, සුබ වර්ණය – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා
මකර
පදිංචි ස්ථානයේ දියුණුව
සඳු ගමන් කරන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. පදිංචි ස්ථානයේ දියුණුව වෙනුවෙන් යමක් ඉෂ්ට සිද්ධ කිරීමට සිතයි. ගමන් බිමන් වැඩිවෙයි. දරුවන්ගේ යහපත් බලාපොරෝතු ඉටුවන අධ්‍යාපනික ප්‍රගතිය ඇතිකරන සතියකි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. මව්පියන්ගේ සහයෝගය පවුලේ බැඳීම් වර්ධනය වන සුබ සතියකි. අපල අවම වීමට කුඩා දරුවන්ව ආරක්ෂා කරන්න. රැකබලා ගන්න.
සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස් – අඟහරුවාදා, බදාදා
කුම්භ
පවුලේ බැඳීම් වර්ධනය වේ
සඳු ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවයන් හරහාය. සහජ දක්ෂතාවයන් මත කරගෙන යන රැකියා, ව්‍යාපාරවලින් ලාභ ඉපයීමට හැකි උනන්දුව උත්සාහය අත්නොහරින සතියකි. ධනය වැය වීමට කරුණු කාරණා යෙදෙන බැවින් ඒ අතර අනවශ්‍ය වියදම් නතර කර ගැනීමට උනන්දුවන්න. පවුලේ බැඳීම් වර්ධනය වන සහ මවගේ උදව් උපකාර හිමිවන බව පෙනේ. අපල අවම වීමට තිරිසන් සතුන්ට ආහාර ජලය දෙන්න.
සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මීන
ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලන ස්වයං රැකියා ආදියෙන් ලාභ ඉපයීමට හැකි සතියකි. ලැබෙන්නට තිබෙන මුදල් ප්‍රමාදයක් නැතිව ලැබේ. ගෘහ ජීවිතය වාසනාවන්තය. දරුවන්ගේ අධ්‍යාපනික හැකියාවන් වර්ධනය වෙයි. සෙම් රෝග ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්වය පිළිබඳව සැලකිලිමත් වන්න. අපල අවම කර ගැනීමට බෝමළුව අමදින්න.
සුබ අංක – 3, 9, සුබ වර්ණය – කහ, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා