Home » දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන මහා බලසම්පන්න මහා ශ්‍රී රාම දිෂ්ටිය

දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන මහා බලසම්පන්න මහා ශ්‍රී රාම දිෂ්ටිය

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

සිළුමිණ ‘ඉසිවර’ පාඨක පින්වත් ඔබ වෙත අප වරින් වර ඉදිරිපත් කරනු ලබන, දෙව්සිත් පහදවා අපමණ පිහිට ලබාගත හැකි පුද පූජා සහ ශාන්තිකර්ම ලිපි කියවා මේ වනවිට නිවැරැදි වතාවත්වල යෙදී අපමණ පිහිට සහ ආශිර්වාදය ලබාගත් පිරිස් බොහෝය. එම නිවැරදි වතාවත් සඳහා ඉතා උසස් ලෙස උපකාරවන “මහා ශ්‍රී රාම දිෂ්ටිය” කිසිදු ගුරු මුෂ්ඨියක් නොමැති ඔබ වෙත ලබා දීමට අදහස් කළෙමු.

දෙවි දේවතාවුන් පහදවාගෙන පිහිට ආශිර්වාද ලබා ගැනීම සඳහා ඔබ විසින් පවත්වන පූජාවන්හිදී සැබෑ දේව ආකර්ෂණය ළඟා කර ගැනීම සඳහා මෙම මහා ශ්‍රී රාම දිෂ්ටිය භාවිත කිරීම අනිවාර්යෙන්ම සිදුකළ යුතුය. ජීවම් කරනු ලබන යන්ත්‍ර, තෙල්-බෙහෙත්, නූල් සහ දෙවිවරුන් උදෙසා තබනු ලබන පුද පූජාවල අසීමිත බලයක් මෙම මහා ශ්‍රී රාමයෙන් ලබා ගත හැකිය. පිරිසිදු ‘සාම්බ්‍රානි’ කුඩු වලින් යහනට සහ පුද පූජාවන්වලට දුම් දෙමින් 07 වතාවක්, මෙම දිෂ්ටියෙන් දිෂ්ටි කර පූජා කැපකර අපමණ පිහිටාධාර ලබා ගන්න. පන්සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කර, දිෂ්ටි කියවීමේදී ඔබට ආරක්ෂාව සැලසේ.


මහා ශ්‍රී රාම දිෂ්ටිය

ඕං ශ්‍රී රාම ඊශ්වර බ්‍රහ්ම විෂ්ණු සුරේන්ද්‍ර ශක්‍ර දිෂ්ටි වා වා නවනාථ නවග්‍රහ දිෂ්ටි – ශ්‍රී විෂ්ණු අයියා නාරායණේ දිෂ්ටි වාවා – කන්දස්වාමි දෙවොල් ගිනි පත්තිනි දැඩිමුණ්ඩ රාමේ දිෂ්ටි වා වා දේව රජ්ජුරු හනුමා වෙසමුණි පත්‍රකාලී මංගර දිෂ්ටි – මල්ලව වීරමුණ්ඩ ශැඩකම්බිලි උඩයක් ඉර්ලා මෝහනී දිෂ්ටි වා වා – ආඝෝර මදුරාමා සිලම්බරී ඉර සඳ භූම දේවී දිෂ්ටි වා වා කාලම්බේරියා සරස්වතී ජලමේ කාලී ශ්‍රියා දේවී අංජන කුමාරි දිෂ්ටි වා වා මල් මදන වටුක පිල්ලු සූනියන් යක්ෂයා දිෂ්ටි වා වා – සැම භාෂා යක්ෂයක්ෂණියෝ දිෂ්ටි වා වා – අහස පොළව හිමාල පර්වත ගස් ගල් වෙල්ලා වර වර යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙතේ අඳුන් හඳුන් ජීව දිෂ්ටි ලා වර වර – ප්‍රාණ වර වර වර වර – දිෂ්ටි වර වර නමඃ ඕඩ්ඩියා වර වර මා කෙරේ

ඕං සිවාංජන සිවගුරු වා වා – අෂ්ටකාලී වා වා – නාරායණ හනුමන්තා පත්‍රකාලී දිෂ්ටි මේ මා ගේ යන්ත්‍ර මන්ත්‍ර දිෂ්ටි දිෂ්ටි ඒස්වාහඃ෴

ශ්‍රී බ්‍රහ්ම සිවරුද්‍රවා මුඛ වා වා – ස්වාර්තාය සර්‍ව යන්ත්‍ර මන්ත්‍ර භෛෂජෙ ප්‍රාණ සිද්ධි ප්‍රාණ ප්‍රතිෂ්ඨෙස්වාහඃ

ඕං හ්‍රීං මහීපාල භූම ධාරණේ කිඩ අප්පොච්චී ත්‍රීනේත්‍ර ලෝකාධිපති විෂ්ණු මහේස්වරානේ භද්‍රකාලි අම්මණ්ඩි අෂ්ට භෛරවයාගේ නේත්‍ර දිෂ්ටි වටුක පිල්ලු වරෙන් මා කෙරේ දිෂ්ටි – අම්මේ – භද්‍රකාලී අම්මණ්ඩී වට නොබලා මා දෙස බලා මා ගේ සර්වාංගේට දිෂ්ටි ලා බලා මා කීවා අසා ප්‍රාණදිෂ්ටි දේවතාවා – මා ගේ සිරසේ පිහිටුවාගත් ආනුභාවෙන් ඔඩ්ඩිකාම රාක්ෂ දේවතාවා මා ගේ යාළුවා මා ගේ මස්සිනා මා කීවා අසා මා කෙරේ දිෂ්ටි වර වර නම්බිරාණේ අප්පොච්චී මා ගේ මුඛ පත්මය සලිත කරවා මා ගේ හ්‍රදමංඩලය බලා දිෂ්ටි ලා ආරක්ෂා කරවා මා කැටුව සිටින් ඔඩ්ඩි කුමාරයා මා ගේ ස්වාමිනේ සර්‍වලෝක දිව්‍යදේවතාවුන් අණින් ජය ජය දිෂ්ටි දිෂ්ටි ඒස්වාහඃ.

වාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division