Home » ජූලි 02-03දා අතිවිශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

ජූලි 02-03දා අතිවිශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

ජූලි 3දා ආණ්ඩු පක්ෂ මැති ඇමැතීන්ට පාර්ලිමේන්තුව අනිවාර්ය කරයි

by Mahesh Lakehouse
June 29, 2024 12:40 am 0 comment

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ යෝජනා සම්මත කිරීම සම්බන්ධයෙන් අතිවිශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් එළැඹෙන 2 හා 3 දෙදින කැඳවීමට පසුගිය සිකුරාදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිළුමිණට කීය.

සමස්ත රටේම අවධානය මේ සම්බන්ධයෙන් යොමුව ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා පැවසුවේ ජනාධිපතිවරයා විසින් 2 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමෙන් පසුව අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් විවාදයක්ද ලබා දී ඇති බවයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සිකුරාදා රැස් වූ අවස්ථාවේදී විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ යෝජනා සදහා දින දෙකක විවාදයක් ලබාදෙන ලෙසට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා එකඟතාව පළ කළ බවද ඇමැතිවරයා කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් කැබිනට් අනුමැතියෙන් පසුව මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේදී අධ්‍යයනයට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බවත් අවශ්‍ය වන්නේ නම් 3 වෙනිදා ඡන්දයක් පැවැත්වීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එම නිසා ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට 3 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්යය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය. ජූලි 2 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ණය ගිවිසුම් අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) අතර 2024 ජුනි 26 වැනි දින එළඹෙන ලද අවසන් ගිවිසුම සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ චීන අපනයන හා ආනයන බැංකුව (EXIM Bank) අතර 2024 ජුනි 26 වැනි දින එළඹෙන ලද අවසන් ණය ගිවිසුම් සංශෝධන කිරීමේ ගිවිසුම ද ඇතුළත්ය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division