Home » අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 6 ඉක්මවයි

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 6 ඉක්මවයි

by Mahesh Lakehouse
June 29, 2024 12:36 am 0 comment

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.

එම ජනතාවට සහන සැලසීමේ අරමුණින් ජුනි මස සිට ක්‍රියාත්මක වන පරිදි අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ යෝජනා සංශෝධනය කර ඇති අතර ඒ අනුව සංක්‍රාන්තික හා අවදානමට ලක් වූ කාණ්ඩය සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත් 2024 ජුලි මස සිට 2024 දෙසැම්බර් මාසය දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවීමටත් තීරණය කර ඇත.

ඒ අනුව අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභී වැඩසටහනේ පළමු අදියර යටතේ අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට 2023 ජූලි මස සිට 2024 මාර්තු 31 දක්වා රුපියල් 5,000ක් සහ සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා රුපියල් 2,500ක් හිමි වන බව අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ජයන්ත විජේරත්න පවසයි.

මෙම විශේෂ දීමනාව ලබන සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 622,495කි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division