අස්වැසුම සුභසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුභසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.
එම ජනතාවට සහන සැලසීමේ අරමුණින් ජුනි මස සිට ක්‍රියාත්මක වන පරිදි අස්වැසුම සුබ සාධක ප්රතිලාභ යෝජනා සංශෝධනය කර ඇති අතර ඒ අනුව සංක්‍රාන්තික හා අවදානමට ලක් වූ කාණ්ඩය සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත් 2024 ජුලි මස සිට 2024 දෙසැම්බර් මාසය දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවීමටත් තීරණය කර ඇත.
ඒ අනුව අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභී වැඩසටහනේ පළමු අදියර යටතේ අවදානමට ලක් වූ කාණ්ඩය යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට 2023 ජූලි මස සිට 2024 මාර්තු 31 දක්වා රුපියල් 5,000ක් සහ සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් සඳහා රුපියල් 2,500ක් හිමි වන බව අස්වැසුම සුබ සාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ජයන්ත විජේරත්න පවසයි.
මෙම විශේෂ දීමනාව ලබන සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 622,495කි.