Home » CIC සහ කොළඹ ආනන්දය හරිත නායකයින් බිහි කරයි

CIC සහ කොළඹ ආනන්දය හරිත නායකයින් බිහි කරයි

by Mahesh Lakehouse
June 29, 2024 12:30 am 0 comment

CIC Holdings PLC ශ්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින් පෝෂණය කිරීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ සිය සහයෝගීතාව මෑතකදී සමරනු ලැබීය. මෙම අවස්ථාවට CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ සහ CIC කෘෂි පර්ෂද කළමනාකාර අධ්‍යක්ෂ වරුණ මදවනආරච්චි මහත්වරුද එක්ව සිටියහ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එල්.පී දිසානායක, ගුරුවරු සහ සිසුන් විසින් CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කෘෂි පර්ෂද කළමනාකාර අධ්‍යක්ෂ මහත්වරු වෙත සිය අස්වැන්න පිළිගැන්වූහ. ආහාර සුරක්ෂිතතාව, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව සටන් කිරීම සහ තිරසර හරිත මූලාරම්භයන් ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු පිළිබඳ සිසුන් තුළ වූ උනන්දුවට අත්වැලක් වෙමින් මේ සඳහා බීජ සහ පොහොර අවශ්‍යතා සපුරනු ලැබුවේ CIC ආයතනය විසිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division