ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් නවෝත්පාදකයන්ගේ දක්ෂතා බලගන්වමින් ශ්රී ලංකාව ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවන නවෝත්පාදන අභියෝගය, Dialog Innovation Challenge මේ දිනවල ටෙලිවිෂන් ඔස්සේ විකාශය කෙරෙන බව සතුටින් දැනුම් දෙයි. ඒ අනුව, සෑම සෙනසුරාදාවකම ප.ව. 10.30 ට TV දෙරණ ඔස්සේද, සෑම ඉරිදාවකම ප.ව. 6.30 ට Dialog TV චැනල් One ඔස්සේද වැඩසටහන විකාශය කෙරේ. විශේෂිත ඇගැයීම් ක්රියාවලියක් ඔස්සේ නවෝත්පාදන අභියෝගය භාරගත් 1200 කට අධික පිරිසක් තෝරා ගැනුණු අතර, එයින් සිය හැකියා විදහා දැක්වූ දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින් පනස් 50 දෙනකුගේ දක්ෂතා ජුනි 15 වැනිදා සිට මේ ඔස්සේ රටට ප්රදර්ශනය කෙරේ.
මේ පිළිබඳ ඩයලොග් ආසිආටා පීඑල්සී සමූහ ප්රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ සඳහන් කළේ “අපේ ඉලක්කය, රටේ සුබවාදී වෙනසක් වෙනුවෙන් තාක්ෂණය භාවිත කිරීමට කැමති නවෝත්පාදකයින් බලගන්වමින් රට තුළ ඩිජිටල් නවෝත්පාදන සංස්කෘතියක් බිහිකිරීමයි…” යනුවෙනි.