Home » NDB අරලිය සමඟ ඉතුරු කරන්නයි තෑගි දිනන්නයි

NDB අරලිය සමඟ ඉතුරු කරන්නයි තෑගි දිනන්නයි

by sachintha
July 6, 2024 12:31 am 0 comment

‘ඉතුරුමට තෑග්ගක්’ යන තේමාව යටතේ NDB අරලිය ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනක් ජුනි 3 වැනිදා සිට ජූලි 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව NDB බැංකුව නිවේදනය කරයි. කාන්තාවන්ගේ විශ්වාසය සහ ඔවුන් කරන කැපවීම අගය කිරීමේ විශේෂ සංකේතයක් ලෙස ඔවුන්ගේ ඉතුරුම් සඳහා සුවිශේෂී ත්‍යාග පිරි නමමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම ප්‍රවර්ධන කාලය තුළ අවම වශයෙන් රුපියල් 15,000/-ක තැන්පතුවක් සහ රුපියල් 25,000/-ක තැන්පතුවක් සමඟ NDB අරලිය ගිණුමක් ආරම්භ කරන නව ගනුදෙනුකරුවන්ට අරලිය සන්නාමය සහිත ත්‍යාග පිරිනැමේ.

NDB අරලිය යනු, ඉතුරුම් ගිණුමක් පමණක් නොව, කාන්තාවන්ගේ විවිධ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සකස් කරන ලද පුළුල් බැංකුකරණ විසඳුමකි. ගිණුම් හිමියන්ට ඉහළ පොලී අනුපාත සහ ඔවුන්ගේ පවුලේ අයට රුපියල් 1,000,000/- දක්වා නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් සහ නොමිලේ රෝහල්ගත වීමේ ආවරණයන්… වැනි ප්‍රතිලාභ හිමිවේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division