Home » Dialog සමාගම භාරතී එයාර්ටෙල් ලංකා සතු කර ගනියි

Dialog සමාගම භාරතී එයාර්ටෙල් ලංකා සතු කර ගනියි

by sachintha
July 6, 2024 12:32 am 0 comment

ඩයලොග් ආසිආටා පීඑල්සී (Dialog), ආසිආටා බර්හාඩ් සමූහය (Axiata) සහ භාරතී එයාර්ටෙල් සමාගම (Bharti Airtel) (යන පාර්ශ්ව) ශ්‍රී ලංකාව තුළ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ කොටස් ගනුදෙනුව, ඩයලොග් විසින් භාරතී එයාර්ටෙල් සමාගමේ 100% ක කොටස් ප්‍රතිශතයම අත්පත් කරගැනීමෙන් අනතුරුව සාර්ථකව නිම කෙරිණි.

ඡන්ද අයිතිය හිමි සාමාන්‍ය කොටස් නිකුත් කිරීම හරහා සිදු කෙරුණු මෙම ගනුදෙනුවෙන් අනතුරුව, 73.75% ක කොටස් ප්‍රතිශතයක් ආසිආටා සමූහය සතුවන අතර, 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගමට හිමි වේ. ඩයලොග් සමාගමේ ඉතිරි කොටස් ප්‍රතිශතය එනම්, 15.895% ප්‍රමාණය මහජන හිමිකාරිත්වය යටතේ පවතී. මෙම ගනුදෙනුවෙන් පසුව, එයාර්ටෙල් ලංකා, සමාගම් පනතේ අදාළ විධිවිධාන යටතේ ඩයලොග් සමඟ ඒකාබද්ධ කරනු ලබන අතර, එහිදී ඩයලොග් සමාගම ඒකාබද්ධ ආයතනය ලෙස පවතිනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division