ක්‍රෝස් කුරේ මහත්මිය සමු ගැනීමෙන් පසු නව සභාපති ලෙස ස්ටුවර්ට් වැප්මන් මහතා පත් කළ බව HNBA සහ HNBGI සතුටින් දැනුම් දෙයි. රක්ෂණ ක්ෂේත්රය පුමුඛව විවිධ ක්ෂේත්රවල පුරා දශක හතරක් පැතිරුණු වෘත්තිය දිවියක යෙදුණු වැප්මන් මහතා HNBA සමූහයට අත්දැකීම සම්භාරයක් ගෙනෙනු ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් හිමිකරගත් වැප්මන් මහතා පසුව මහා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයෙන් (CIM-UK) අලෙවිකරණය සඳහා වන ඩිප්ලෝමා උපාධියක් ද, එක්සත් ජනපදයේ ජීවිත රක්ෂණ පුහුණු කවුන්සිලයෙන් ජීවිත රක්ෂණය හා අලෙවිකරණය සඳහා වන ඩිප්ලෝමාවක් ද, ව්‍යාපාර කළමනාකරණය සඳහා වන ජාතික ආයතනයෙන් (NIBM) ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාවක් ද ලබා ගත්තේය. මෙයට අමතරව මහා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයේ (UK) අධිශිෂ්‍ය සාමාජිකයෙකුද වන ඔහුට ඔස්ට්‍රේලියාවේ සහතිකලත් කළමනාකරණ ගිණුම් ආයතනයේ සාමාජිකත්වයක් ද හිමිය.