ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) විසින් සංවිධානය කරනු ලබන SLIM ජාතික විකුණුම් සම්මාන 2024 (SLIM National Sales Awards 2024) අඛණ්ඩව 24 වැනි වරටත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙම සම්මාන උලෙළේදී කර්මාන්ත ක්ෂේත්‍ර 20කට අධික සංඛ්‍යාවක නියැළි විකුණුම් වෘත්තිකයන්ගේ කාර්ය සාධනය අගයමින් සම්මාන ප්‍රදානය කෙරෙන අතර මෙවර තේමාව වන්නේ, විශිෂ්ටත්වයේ වීරයෝ’ (Heroes of Excellence) යන්නයි. මෙහි අයදුම්පත්‍ර සලකා බැලීම 2023 දෙසැම්බර් 31දින සිට 2024 මාර්තු 31 දින දක්වා වේ.
මේ පිළිබඳ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති ගයාන් පෙරේරා සඳහන් කළේ, “SLIM ජාතික විකුණුම් සම්මාන මඟින් අපගේ වෘත්තිකයන්ගේ විකුණුම්කරණ කුසලතා සහ ශිල්පීය ක්‍රම වැඩිදියුණු කරමින් අනාගත ව්‍යාපාරික නායකයන් වීමටද ඔවුන්ව හැඩගස්වනවා. මෙම අසමසම අවස්ථාවෙන් අපගේ වෘත්තීකයන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි අප බලාපොරොත්තු වනවා…”යනුවෙනි.