Home » පිළිකා රෝගී මවුපියන්ගේ දරුවන්ට Fadna ශිෂ්‍යත්ව

පිළිකා රෝගී මවුපියන්ගේ දරුවන්ට Fadna ශිෂ්‍යත්ව

by sachintha
July 6, 2024 12:35 am 0 comment

ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව නව පිළිකා රෝගීන් 30,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වේ. අධික ලෙස වර්ධනය වන පිළිකා රෝගී තත්ත්වය රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මූල්‍යමය සහ මානසික වශයෙන් පීඩා ගෙන දෙන කාරණාවකි.

එවැනි පීඩාවට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවනු පිණිස උසස් පෙළ විභාගය සඳහා ඔවුන් දිරිමත් කරමින් ජීවිතය දිනන්නට, තම Vernolac නිෂ්පාදනයෙන් ලැබෙන ලාභය යෙදවීමට Fadna ආයතනය කටයුතු කර ඇත.

“Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන” ලෙස නම් කර ඇති එහි සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීම Fadna ආයතනයේ ප්‍රධානත්වයෙන් හා මොරටුව නිව් horizon සිංහ සමාජයේ සහයෝගීතාවෙන් පසුගියදා ගංගාරාම රජමහා විහාරයේදී, සර්ව ආගමික නායකයන් ඉදිරියේ සිදු කෙරුණි. ඒ අනුව, නවතම Fadna නිෂ්පාදන 4 අතරින් Vernolac නිෂ්පාදනයේ ආදායම් කොටස Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව වැඩසටහනට වෙන් කෙරෙන බව, Fadna සභාපති චමේන්ද්‍ර සෝමතුංග මහතා පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division