කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට සිදුවූ බලපෑමට පිළියමක් ලෙස උතුරු මැද පළාත් සභාව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනයේ උපදෙස් සහ මඟ පෙන්වීමෙන් සහ රුහුණ විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්ථි සමූහයේ සම්බන්ධීකරණයෙන් “අක්ෂර සාක්ෂරතා” නමින් නියමු ව්‍යාපෘතියක් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ කෝන්වැව සිද්ධාර්ථ විද්‍යාලයේදී හය මසක් පුරා පවත්වන ලදි.
එම වැඩසටහනට සහභාගිවූ සිසුන් පිරිසයි මේ. මේ වන විට මෙම වැඩසටහනේ සාර්ථක අත්දැකීම් ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ පාසල් 75 පමණ ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන පිළිබඳ නිරීක්ෂණ ඇතුළත් අවසාන අධ්‍යයන වාර්තාව ද මේ වන විට නිකුත් වී ඇත.