Home » ලංකාවේ තත්ත්වය තවත් සුබ අතට
නවතම ණය ශ්‍රේණිගත කිරීම් ඔස්සේ

ලංකාවේ තත්ත්වය තවත් සුබ අතට

by Mahesh Lakehouse
July 6, 2024 12:40 am 0 comment

– ණය ගෙවන්න වැඩි කාලයක්
– ගෙවිය යුතු පොලියත් අඩුවෙයි

වර්තමානයේ CCC ණය ශ්‍රේණිගත කිරීමේ සිටින ශ්‍රී ලංකාව CC ශ්‍රේණිය දක්වා එක් ස්ථානයකින් ඉහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගිය සිකුරාදා නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

එසේම අනෙකුත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීම් අනුවද සාර්ථක ශ්‍රේණිගත කිරීම් ලැබී ඇති බව පෙන්වා දුන් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ එකඟතාවන්ට අමතරව මේ වන විට පැරිස් සමාජය, ඉන්දියාව, ජපානය, ප්‍රංශය සහ චීනය මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වී ඇති බවයි. එහිදී ගෙවිය යුතු ණය ආපසු ගෙවීමට වැඩි කාලයක් ලැබී ඇති බවත් අප විසින් ගෙවිය යුතු පොලී ප්‍රමාණය අඩු වීමක් ලැබී ඇති බවත් එය අප ලැබූ ජයග්‍රහණයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

ණය තිරසරභාවය ඇති කිරීමේ තවත් පියවරක් සම්පූර්ණ කරමින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාර්ථක එකඟතාවකට පසුගිය 4 වෙනිදා පැමිණ ඇතැයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

පෞද්ගලික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමේ හැකියාව මත ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ලබාගත් සහනයන්ට සුදුසු වන සේ සහනයක් ලබාදීමට කටයුතු කරනු ඇත.

ශිරාජිව් සිරිමාන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division