Home » වැටුප ලක්ෂයට අඩුනම් ටින් අංකය ලැබුණත් ලිපි ආ පමණින් බදු ගෙවිය යුතු නෑ

වැටුප ලක්ෂයට අඩුනම් ටින් අංකය ලැබුණත් ලිපි ආ පමණින් බදු ගෙවිය යුතු නෑ

by Mahesh Lakehouse
July 6, 2024 12:39 am 0 comment

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබී තිබුණ ද තමන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොයන්නේ නම් බදු ගෙවීමක් නොකළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොයන බවට ලිඛිතව දැනුම් දී ආදායම් බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියෙන් ස්වයංක්‍රීයව කෙටි පණිවුඩ යාම හෝ ඒ හරහා ලැබෙන ලිපි අදාළ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට ගොස් ඇති බවත් ඒ බව ලැබූ විගසින් බදු ගෙවීම අවශ්‍ය නොවනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division