දේශීය වෛද්‍ය ක්‍රම හරහා ජනතා සුවසෙත සැදීමේ අරමුණ ඇතිව ‘විදැස‘ නමින් ආයුර්වේද වෙදකම් හා ප්‍රදර්ශනයක් ක්‍රියාවට නංවා ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
එහිදී දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර දේශීය ආයුර්වේද රූපලාවන්‍ය ක්රමයන් හා දන්ත සායනයක් හා හොමියෝපති සායනයන්ද පැවැත්වේ. මෙහි නියමු ව්‍යාපෘතීන් දෙකක් මේ වන විට කුරුණෑගල හා ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වා ඇති අතර එහි තවත් අදියරක් ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලයේදී අද (ජූලි 07) පෙ.ව 9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ.
එමෙන්ම මෙහිදී විශේෂ වකුගඩු ඒකකයක් මගින් වකුගඩු පරීක්ෂා කර ගැනීමට හැකියාව ඇති අතර ආයුර්වේද සංස්ථාවේ තොරතුරු දැනගැනීමට හා විශේෂ ප්‍රායෝගික යෝග පුහුණු වැඩසටහන්ද පැවැත්වේ.