Home » ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබෙන මහා ශ්‍රීරාම මහා මන්ත්‍රය

ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබෙන මහා ශ්‍රීරාම මහා මන්ත්‍රය

by damith
July 13, 2024 12:30 am 0 comment
  • නිතර සජ්ඣායනයෙන් ජීවිතයට අපමණ සෞභාග්‍යයක් ළඟා කරගත හැකියි
  • ශ්‍රි විෂ්ණු‍ දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන ප්‍රබලම මන්ත්‍රයක්

සිළුමිණ ඉසිවර පාඨක පින්වත් ඔබ වෙත අද අප ලබාදෙන මෙම උතුම් ශ්‍රී මහා විෂ්ණු දිව්‍යරාජයාණන්ගේ මහා මන්ත්‍රය හෙවත් “මහා ශ්‍රී රාමය” ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ගේ පිහිට ආධාරය ලබා ගැනීමට ඇති අතිප්‍රබලම මහා මන්ත්‍රයයි.

නිතර කියවා පුරුදු වූ විට නිවැරදිව උච්චාරණය කළ හැකිය. මුලින්ම ඒ සඳහා නිතර පුහුණු වීම සුදුසුය. ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයානන් ශ්‍රී ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අති බලසම්පන්න දිව්‍යරාජයෙකි. උන්වහන්සේ මතු බුදු වේවායි බැතිමතුන් ප්‍රාර්ථනා කළත් ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් බුදු බව නොපතයි, කරුණාවේ සහ මෛත්‍රියේ මූර්තිය වන් උන්වහන්සේ අසාධාරණයට දඬුවම් දීමේදී ඉතා දරුණු ලෙස කටයුතු කරයි.

සිද්ධසූනියන් දේවතාවන් සහ ප්‍රකාෂ කඩවර දේවතාවා ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන්ගේ අනින් අයුක්තියට අපමණ දඬුවම් කරයි. ශ්‍රී මහා විෂ්ණු දිව්‍යරාජයාණන් ප්‍රසාදයට පත් කර ගත්විට ජීවිතයේ දුක් පීඩා දුරු කරගෙන අපමණ සෞභාග්‍යයක් ලගාකර ගත හැකි වන අතර ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන්ට පුද පූජා සහ වතාවත් සිදුකිරීම සමස්ත දේව මණ්ඩලයට ම පුද පූජාවන් පැවැත්වීමයි. එය ඒකාත්මීය පූජාව යනුවෙන් සඳහන්වේ.

ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන්ගෙන් පිහිටාධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බැතිමතුන් මුලින්ම සිත කය සහ වචනය තුළ ඉතාමත් සංවරව සහ ගුණවන්තභාවය ඇති කරගත යුතුමය. පස් පවින් වැළකී නිතර කරුණාව සහ මෛත්‍රිය ඇතිකරගෙන හැකිතාක් දුරට දානාදී පින්කම් සිදුකර ගෞරවය ආරක්ෂා කරගත් අයෙක් විය යුතුය. නිතර වාචාල ලෙස නොයෙක් නොයෙක් දේ කියවීම කේලම් කීම පරුෂ වචනයෙන් බැණ වැදීම කඩපිල්වල ගෙවල්වල නිතර නිතර ඇවිදිමින් හිස් පුද්ගලයෙකු ලෙස ක්‍රියා නොකළ යුතුය. තමා ඉතා කාරුණික අයෙකු බවට පත්වී පන්සිල් ආරක්ෂා කර ගනිමින් තෙරුවන් ගුණ වන්දනා කර ගනිමින් හැකි විටෙක දන් පින් කරමින් කටයුතු කරමින් මෙහි සඳහන් ‘ශ්‍රී මහා විෂ්ණු දිව්‍යරාජයාණන්ගේ’ මහා මන්ත්‍රය භාවිතා කර ඔබටත් ඔබේ පවුලේ සැමටත් පිහිට ප්‍රාර්ථනා කරන ලෝකවාසීන්ටත් ශාන්තියක් උදා කරගන්න. ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන්ගේ දිව්‍ය බලය පවත්නා උතුම්ම කාලය දහවල් සහ රාත්‍රී දොළහ පසු වී විනාඩි දොළහටය. මෙම කාලය තුළ උන්වහන්සේ වෙනුවෙන් වතාවත් සිදුකර හැකි පිරිත් සූත්‍රයක් මහ පිරිත් දේශනාව (තුන් සූත්‍රයම) සජ්ඣායනා කර පින් අනුමෝදන් කර පිහිට ආරක්‍ෂාව ලබාගන්න. ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන් උදෙසා මල් ආසනයක් සකස් කරගෙන හෝ නිතිපතා වතාවත් කරන ස්ථානයකදී හෝ පිරිසිදු ගිතෙල් පහනක් දල්වා නිල් මල්, තැඹිලි ගෙඩියක් ඇස්ස ගසා එළකිරි බඳුනක් (ෆ්‍රෙශ් මිල්ක්) මදුරුතලා ගසක් (තුල්සි) අඩුම තරමින් සෙනසුරාදා සහ බදාදා දිනවලදී මෙම මහා ශ්‍රී රාමය 07 වර බැගින් කියවා සිද්ධි කරගන්න. හැකිනම් නොඉඳුල්ව තැඹිලි තෙල් සිඳ මෙයින් එකසිය අටවාරයක් ඉතා පිළිවෙත් ගරුකව ජීවම් කරගෙන කෙම්මුර දින හතක් ශ්‍රී විෂ්ණු දේවාලයක පහන් දල්වා තමන්ගේ අදහස කියා පිහිට ප්‍රාර්ථනා කරන්න. නොසිතූ විරූ ලෙස උන්වහන්සේගේ පිහිට ආධාරය ලැබේ. සියලු යහපත් කටයුතු වෙනුවෙන් මෙය යොදාගන්න ලෙඩදුක් කරදර අමනුෂ්‍ය දෝෂ සහ සියලු අපල පීඩාවන්වලට ඉතාමත් සෙතක් සැලසේ පිරිසිදු පැන් ටිකක් ජීවම් කර දුන් පමණින් පවා අපමණ ශාන්තියක් උදාවේ.

****

ශ්‍රී විෂ්ණු දෙවියන් පිළිබඳ මහා මන්ත්‍රය හෙවත් මහා ශ්‍රීරාමය

ශ්‍රී රාමනුම් යේවයුම් මුවල්ලු නාළුම් නාලුර්ඝ පෙත්තෙන් මෙයියුම් යිමින් මයිල් රාමා වෙඩ වෙලෙත්ති රෙන්ඩි නාල් ශ්‍රී රාම රාමා ජේරාමරාමා හරරාමරාමා අයරාමරාමා මාරාමරාමා මදරාමරාමා පදරාමරාමා සිවරාමරාමා ජෙයනල්කියරාමරාමා
අඛිල භූෂණා සකල ලෝක වඩිවායා අච්ඡයා නිච්ඡයා අචවත් චරත්‍රනේ ඉෂ්ටක රත්තනේ පාර්කඬල් අර්ථවා නගප්පෙයි
නිරුත්තවා ගරුඬ වාහනා ධර්ම රාගවා විශ්වරූප මානවා බ්‍රහ්මරූප මානවා මච්චරූප මාරායු මානවා උච්ඡිදා මානාරි පරශු රාමනේ බල භද්‍ර රාමනේ ජේක්‍රිෂ්ණ රාමනේ උග්‍රවීරත්තනේ ව්‍යාදණ්ඩ සිද්ධනේ පීතාම්‍ර රත්තනේ කංගකුල පද්මනේ වේද වේදාන්තනේ අග්‍ර මෙවිශිෂටනේ ආදි නාරායණේ
මචඡුගොවින්‍දනේ පාලාලිමින්‍දිවරනීල විලෝචනේ වෛකුණ්ඨ
වාසනේ ශ්‍රීධර මුකුන්දවා ආදිගුරු සවස්ථවා ව්‍යාධිමර සවසතිරා
කාරණී නෙතිනේ ශ්‍රී රඝු යත්තනේ අඩගෝලත්තනේ කොඬගෝ
ලත්තනේ කොදණ්ඩ පානියේ වේදණ්ඩ පානියේ තිමිර්දම්
කඩෙන්දවා අමර්දම් පකින්දවා අරුසමය කර්තනේ පෙරුවදව
කර්තනේ කේසවා මාධවා නාරායණා ගෝවින්‍ද්‍ර ශ්‍රී ක්‍රිෂ්ණා
වාසුදේවා දාමෝදරා සාමාල ගෞරී කල්‍යාණ සකෝදරා කොමල
මධුසූදනා මඛර මණ්ඩලා සේකරා කුණ්ඩලා ලක්‍ෂමී කර්තනේ
වෙත්තිසෙයි වන්දනේ වීර ලංකාරනේ ක්‍රිෂ්ණ නාරායණේ
කොඩිය රෙගු කර්තනේ නීලද්ධරසු මිද්ධවා වම්මර වකුන්තවා
සනීය සනීය මේ ගුවා මදන ගෝපාලනේ වදනා රූසිලනේ
කුංජරම් මෙත්ත පුඩි පංචකම් නත්තවා අළුල් උලිත්තවා
අල්ලරම් බත්තිනා ජානෙයි දක්ෂිණාවානගුල් පක්‍ෂනේ යෙළු
සූරියිල් නිඹු උල් උලුදු මුඛම් පයිත්තවා කරුණා
කුණ්ඩාක්ෂනේ ශ්‍රී මේවු දක්ෂනේ පෙරවාලාස මුකකුදනම් ගිරි
විනාන ලිත්තවා නිකිරි විස නලිත්තවා ගිරිනිවීන යෙන්ඩවා
දරිනි මුළු දණ්ඩවා දාමාධවා කණකමා විලිත්තවා ලකුම්මාන්දු
සිවිල්ලා ඕරෝ දිවා සිරාධි පණ්ඩිත්තවා – අඬවිඩු පිඬවිඩු
රෙඬවඩි වොතතවා ආරාඩි වාරාඩි සිලලලාද පුඩියා කායාමා විලිතතනේයි සැරසිල්ව මිසිල නිරුත්තවා මාවිලිත්තනේ ශැරසිල් මෙයිල් වාදවා මනනිල් මිදිතතවා කෝදඬ නියිතතවා ජෙන කරනවලර්ත්ත විරිතත නූලේ අරුත්තවාවෝදුන්ම ලාලනේ සීදමන වාලනේ – අයියොතහි රාමනේ මෙයියෝද සාමනේ කාන්කම් තායුරු මාතඬ වරානවා සුප්පනඟ මුක්කු දනේ තෙරි පුඩ නරුත්තවා සම්බාවායු මෙයින්දන් කුන්ඩලන් කඩවායු ශ්‍රීවනුක් උරදි උරෙත්තවා කවනුයිල් කාලනේ පංච වර්ෂ භායනේ මච්ඡුමුඩුම් මෙච්ඡුම් අර්ජුනම් මච්ඡුනාරත්ථ්‍යාම් ඔඩත්තුවා භාරත මුලින්නවා දේවාර් තෙළුම් පාර්තවා ත්‍රීඝු නම් බුද්ධියයි අනුරුකක මලිත්තවා රුකුමාන් ගදනුකුම් මිච්චරං නල්ගුවා වාලියවා දෛත්තවා විල්ලයි ඔඩිත්ත වරිත්ත මඩනේ කරු අරක්කනේ අරිත්තවාමු වාලයිල් වෙඬවා මයිල් රාවණ හනුමා වෙඬවා විභීෂණ නුක්කුනාන්ඩුනාල් සුවාතෝ ගෞඩෙල් නෙපර්ෂයිල් යෙරඝුරාමනේ මඛාන වුමියිල් පරෙන්ද වාකීනවුම් පුරින්‍දවා දේවකී දර්ශනා ආඛිවලා සුන්දරා අලන්දුඩුම් ධීරනේ තොල සිමනී මාවිනේ කුණ්ඩුකෛල ඉන්දුවා නින්දුකුල් ලුන්දුවා නන්ද ගෝපාල ගෝවින්‍ද සේරුපාලනේ සර්ප නාමා කාලී පර්ප මෙදෙ නුඬ නම් යින්නි රෙඬායිරම යෙන්න යමිල් වානවා අකිල මන කනකවා දාරු තුයිල් උරින්දු යෝගවා ශ්‍රී මන්නාරායණහර ගෝවින්ද සිවාකා

lවාරියපොළ, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි (කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division