- නිදන ඇඳ බිත්තියෙන් අඩි 3 – 4ක් ඈතින් දකුණට වන්නට තබන්න
- ඇඳන් දෙකක් එකට ළංකර නිදාගැනීමත් අසුබයි
වර්තමානයේ විවාහ වන සංඛ්‍යාවට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රතිශතයකින් දික්කසාද වන සංඛ්‍යාවේ වැඩිවීමක් ඇති බව පසුගියදා රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව ප්‍රවෘත්තියක් ලෙස පළ විය.
මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ අනියම් සබඳතාය. ඒ සඳහා බලපාන හේතු ඉතා සංකීර්ණ වන අතර නිවසේ පවතින වාස්තු විද්‍යාත්මක දෝෂද එහිලා බලපාන ප්‍රධාන කරුණක් වෙයි. ප්‍රේම සම්බන්ධයකින් හෝ විවාහ යෝජනාවකින් ඕනෑම යුවතිපති දෙපළක් එක් වහලක් යටට වන්නේ ජීවිතයේ ඇති තුරා ආදරයෙන් සෙනෙහසින් එක්ව ජීවත්වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් වැඩි කලක් යන්නට මත්තෙන් එම පැතුම් සුනු විසුනු වී යාමට හේතු අවම කර ගැනීමට මෙම වාස්තු විද්‍යාත්මක කරුණු පිළිබඳ අවබෝධය ඔබට බෙහෙවින් වැදගත් වෙයි.
අලුත විවාපත් වන යුවළක් නිදා ගැනීම සඳහා කිසිවිටෙක ඊසාන දිශාවේ කාමරය තෝරා නොගත යුතුය. එය අනියම් සබඳතා ඇතිවීමටත්, එයින්ම විවාහය ඉතා ඉක්මනින් අවසන් වීමටත් හේතුවක් වේ. ඊසාන දිසාවේ නිදා ගැනීම බොහෝ මානසික ගැටලු ඇතිවීමට ප්‍රධාන හේතුවකි.
ගිනිකොන දිසාවේ පිහිටි කාමරයද අඹු සැමියන් දෙදෙනාට නිදා ගැනීමට සුදුසු නොවේ. ගිනිකොන දිසාවේ ඇත්තේ තේජෝ බලයයි.එනම් සියලු දේ දහනය වීමේ ශක්තියයි. ගිනිකොන දිශාව විශේෂයෙන් භාර්යාව කෙරෙහි බලපෑම් ඇති කරයි. යම් නිවසක ගිනිකොන දිශාවේ ප්‍රධාන නිදන කාමරයේ පැවතීම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව අනියම් ඇසුරක් ඇති කර ගැනීමටත්, විවාහය දික්කසාදයකින් හෝ ජීවිත හානියකින් අවසන් වීමටත් හේතුවක් වෙයි. වයඹ දිශාවේ පිහිටි කාමරය අඹු සැමි දෙදෙනාට නිදාගැනීමට සුදුසු වන්නේ ස්වාමිපුරුෂයා නිතරම නිවසේ සිටී නම් පමණි. යම් හෙයකින් ස්වාමිපුරුෂයා විදේශගතව හෝ වැඩිපුර නිවෙසින් බැහැර ස්ථානවල රැකියා කටයුතුවල යෙදේ නම් නිවසේ තනිව සිටින භාර්යාවට නිදා ගැනීමට වයඹ දිශාවේ කාමරය කිසිසේත් සුදුසු නොවේ. එම දිශාවේ නිදා ගැනීම අධික කාමාශා ඇති වීමට හේතුවකි. කේන්ද්‍රයේ එබඳු ග්‍රහ පිහිටීම් ඇත්නම් විශේෂයෙන් එවැනි කාන්තාවන් අනියම් සබඳතා සඳහා යොමු වේ. මේ අනුව සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා නිවසේ ප්‍රධාන නිදන කාමරය ඉදි කළ යුත්තේ නිරිත දිසාවේය. නිරිත දිශාවේ පිහිටි කාමරයේ නිරිත බිත්තියෙන් අඩි 3 – 4 ක් දකුණට වන්නට නිදන ඇඳ තැබිය යුතුය.
හිස දැමිය යුත්තේ දකුණු දිශාවට හෝ නැෙඟනහිර දිශාවටය. නිදන කාමරයේ තැබිය යුත්තේ දැවවලින් නිම කළ ඇඳකි. මෙම ඇඳ කාමරයේ දොරට එල්ල නොවන ලෙස තැබිය යුතුය.
නිදන කාමරයේ ඇඳන් දෙකක් එකට ළං කොට තනි ඇඳක් ලෙස භාවිතා කිරීමත්, යුගල ඇඳක මෙට්ට දෙකක් ළං කර තබා ගැනීමත් ඉතා අසුබය. එය අනියම් සබඳතා ඇතිකර ගැනීමට හේතුවක් වේ. නිදන ඇඳට උඩින් වහලයේ බාල්ක, යට ලී, කුරුපා ආදිය පිහිටීමද අසුබය. නිදන ඇඳ යටද දූවිලි බිඳක් හෝ නොමැති තරමට පිරිසිදු විය යුතුය. විද්‍යුත් උපකරණ ආදී අංගෝපාංග නිදන කාමරය තුළ ගොඩ ගසා නොගත යුතුය. ඇඳ මතද ගඳ ගසන ඇඳුම් ආදිය නොමැතිව
මුළු කාමරයම ඉතා පිරිසිදුව තබා ගත යුතුය. ඉසුරුමුණි පෙම් යුවළ , හංස යුවළ වැනි පින්තූර මෙම කාමරයට සුදුසු වුවද ආගමික නායකයන්ගේ පින්තූර ෆොටෝ ආදිය තැබීම නුසුදුසුය. මෙසේ නිරිත දිශාව ප්‍රධාන නිදන කාමරයට භාවිත නොකර එම දිසාවේ මුළුතැන්ගෙය, ගරාජය, වැසිකිළිය ආදිය ඉදි කිරීම නිසා අඹු සැමි භේද හට ගන්නා අතර එහි අවසාන ප්‍රතිඵලය වන්නේ අනියම් සබඳතාද ගොඩනඟාගෙන දෙදෙනා වෙන් වීමට කරුණු යෙදීමයි.
නිවසේ දොරවල් තබා ඇති දිසාවන්ද අනියම් සබඳතා ඇති වීමට හේතුවක් වෙයි.
උතුර දකුණ යන දිශාවට දොරවල් තැබීම හා නැෙඟනහිර දකුණු දිසා දෙකට දොරවල් 02 තැබීම බොහෝ නිවෙස්වල අඹුසැමියන් අතර ගැටලු ඇති වීමටත් අනියම් සබඳතා ඇති වීමටත් හේතුවක් වෙයි.
නිවසක ප්‍රධාන දොර ගෘහ මූලිකයාගේ සහ පවුල් ජීවිතයේ ස්ථාවර බව සඳහා හේතු වේ. මංගල උළුවස්ස නිවසින් පිටතට බරව පවතින්නේ නම් එය බිරිය අනියම් සබඳතාවේ ගොඩනඟා ගැනීමට හේතුවක් වෙයි.
ජ්‍යෝතිෂවේදී වාස්තු විද්‍යාවේදී විදුහල්පති දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස