- අංක 5 පස් වාරයක් හෝ හය වරක් නමට යෙදී ඇත්නම් හොඳ අධ්‍යාපනයක් ලැබේ
- අංක 5 වරක් හෝ දෙවරක් නම් සමාජයට මුහුණ දීමට ප්‍රිය නොකරයි
ක විද්‍යා ජ්‍යෝතිෂයට අනුව පුද්ගලයෙකුගේ නමේ අකුරුවලට අනුව බොහෝ කාරණාවන් පිළිබඳ හඳුනා ගැනීමට හැකියාව ඇත. ඒ අනුව පුද්ගලයෙකුගේ නමේ අකුරුවලින් හඳුනා ගන්නා තීව්‍රතා අංකය අනුව චරිතය පිළිබඳ සියුම් විග්‍රහයන් කළ හැකිවෙයි.
නමක අකුරුවලට යෙදෙන අංකවලින් යම් අංකයක් වැඩි වාර ගණනක් නැවත නැවත යෙදීම මත මෙම විග්‍රහය සිදු කරනු ලබයි. ඔබේ නමට අදාළ තීව්‍රතා අංකය සොයා ගැනීම සඳහා පළමුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් කඩදාසියක ලියා ගන්න.
ඉන්පසු පහත සටහනේ ආකාරයට ඔබේ නමේ ඉංග්‍රීසි අකුරුවලට අදාළ අංක ටික සටහන් කර ගන්න.
මෙම උදාහරණයෙන් එය පහසුවෙන් තේරුම් ගනිමු.
1 2 3 4 5 6 7 8 9
A B C D E F G H I
j K L M N O P Q R
S T U V W X Y Z
S A M A N K U M R A
1 1 4 1 5 2 3 4 9 1
ඔබේ නමට අදාළ තීව්‍රතා අංකය පිළිබඳ අංක 1 සිට 4 දක්වාත් එයින් ලැබෙන ප්‍රතිඵල කුමන ආකාරයෙන්ද යන්නත් පහුගිය කලාපවලින් සාකච්ඡා කරන ලදී. මෙම ලිපියෙන් තීව්‍රතා අංක 5 පිළිබඳව සහ එයින් ඔබට ලැබෙන බලපෑම කොයි ආකාරයෙන්ද යන්න පැහැදිලි කරනු ලැබේ.
ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියා නමේ අකුරුවලට අදාළ අංක සකස් කර ගත්විට අංක 5 යෙදෙන වාර ගණන අනුව ඔබට බලපාන කරුණු කොයි වගේද යන්න විමසා බලමු. අංක පහ හත් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් යෙදේ නම් බොහෝ දක්ෂතාවයන් ඇතිවේ. විශේෂයෙන් හොඳ කටහඬක් ඇති කරන අතර දක්ෂ කථිකයෙක් බවටද පත්විය හැකිය. කතාවෙන් අන් අයව මෙහෙයවීමේ ශක්තිය ඇති කරයි. තරමක් ජීවිතය කාර්යබහුල තත්ත්වයට පත් කරයි. වැඩ අධික විවේකය අඩු පුද්ගලයෙක් බවට පත්වෙයි. බොහෝ වගකීම් දැරීමට සිදුවිය හැකිය. වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවන බවක් පෙනේ. මත්පැන්වලට සහ දුරාචාරයට ඇබ්බැහි වීමේ හැකියාව ඇති කරයි. ඒ නිසා ප්‍රවේසම තබා ගැනීම වැදගත්. ආහාර පාන වලින් ප්‍රවේසම් වීමද සීමාවන් තබා ගැනීම ද ඉතා වැදගත්ය. තම සෞඛ්‍යය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ලිංගික ජීවිතයද මනා පාලනයකට යටත්ව පවත්වා ගැනීම ගැටලු අවම කර ගැනීමට හේතු වෙයි.
එමෙන්ම ඔබගේ නමට අනුව අංක පහ පස් වරක් හෝ හය වරක් යෙදේ නම් ඉතා ඉහළ හොඳ අධ්‍යාපන තත්ත්වයක් ලැබීමේ හැකියාව ඇති කරයි. සමාජ පිළිගැනීමට ලක්වේ. ගෞරවනීය වෘත්තියක් කිරීමේ හැකියාව ඇත. විශේෂයෙන් නීතිමය වෘත්තිය වැනි තත්ත්වයන් සාර්ථකව පල දෙයි. කථිකත්වයට වාද විවාදවලට ඉතා දක්ෂ වෙයි. තමා තේරුම් ගත් දෙය අන් අයට හොඳින් පැහැදිලි කර දීමේ හැකියාව ඇත. මිනිසුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වෙයි. එමෙන්ම දක්ෂ ව්‍යාපාරිකයෙක් බවටද පත්වීමට හැකියාව ඇත. ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාර දියුණුවට පත් කරගැනීමට හැකියාව ඇතිකරයි. අංක පහ තුන්වරක් හෝ හතර වරක් යෙදේ නම් මධ්‍යස්ථ ගති පැවැතුම් ඇති කරන අතර ඉහත සඳහන් කළ කාරණාවන් එක්ක යහපත් ආකාරයෙන් සාමාන්‍ය ආකාරයෙන් ජීවිතය පවත්වාගෙන යයි. මධ්‍යස්ථ ජීවිතයක් ලෙස සඳහන් කළ හැකිය.
අංක පහ එක් වරක් හෝ දෙවරක් යෙදේ නම් පටු රාමුවකට පමණක් සීමා වී සිතයි. තමා උගත් දෙයින් ඔබ්බට සිතීමේ හැකියාව අඩුකරයි. අවට බාහිර ලෝකය පිළිබඳ දැනුම අවබෝධය අඩු විය හැකියි. සමාජශීලී ගතිය අවම විය හැකි අතර සමාජයට මුහුවීමට වැඩිය ප්‍රිය නොකරයි. නමුත් මොවුන්ට තේරුම් ගැනීම තුළ මෙම දුර්වලතා අඩුපාඩු සකස් කර ගැනීමේ හැකියාව ඇත. අංක පහ එක් වතාවක් හෝ යෙදී නොමැති නම් යම් කර්ම ණයක් ගෙවීමට ඇති බවක් පෙන්නුම් කරන අතර පෙර ආත්මභාවයන්වලදී තම ශක්තීන්ගෙන් සහ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන විනාශ කිරීමේ විපාකය අත්විඳීමට මෙලොවදී සිදුවනු ඇත. කෙසේ නමුත් අනෙකුත් අංකවල බලපෑම අනුව මේ තත්ත්වයන් වෙනස් විය හැකි අතර විවිධ ප්‍රතිකර්ම හරහා මේවා වෙනස් කිරීමේ හැකියාවද ඇත.
තීව්‍රතා අංක 6 ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී ඒ.ජේ. දීපාලෝක