කඳුළ
සරා සඳ විමසනා මා නුවන්
අඹරේ නිශාවෙහි
තිත් අඳුරු
සන්තාප හමු වේ
සඳ එළිය සිරගතව
මහ මේඝ සිරගේ
වළප්නා තරු නෙතඟ
කඳුළ මට හමු වේ
චමින්ද රොෂාන්
පාර මතක නම් එන්න
ඉඳින් මම අහන්නේ
කාගෙන් ද ඔබේ තතු
හමන මඳ සුළඟවත්
ගතේ එතුනාට මොනවත් කීවේ නැහැ
දුකින් වාගෙ පාවෙලා ගියා මිස
සියොතුන් ගෙ කිචි බිචිය
මොනවා හෝ කීවා තමයි
ඒත් මට තේරුණේ නැහැ
බලා හිටියා පමණි ඒ දෙස
වැහි කෝඩෙ අහස ගුගුරනා හඬ
විදුලි රේඛා ඇඳී ගිය මොහොතක
බලා හිටියා සඳ නැහැ පෙනෙන්නට
තරු පාර නොකීවද මන්දා ඔබට
ගෙවී ගොස් දින ගණනක්ම
එත්, නැහැ දකින්නට
හදා ගන්නේ හිත කොහොම මම
ඔබ ගොසිනි නොකියාම
ආයෙමත් නොඑන්නම
ආයෙ කවදා හරි මතකයේ තියේවිද
පාර තියෙනවා ඒ විදියටම
පරගස්තොට – කමලා ධර්මලතා ජයසුරිය
ජීවිතයට ළෙන්ගතු වූ පරිසරයට
ගහක මල් පිපුණාම සුවඳයි සුවඳ දෙන මල් නම්
පියාඹන නිල් අහස ගිරවුන් මාල බැඳ ඇති නම්
සුන්දරයි කඳු වළල්ලම එහි එතුණු විට මිහිදුම්
දිලෙයි සඳ රැස් වඩින තුරු තරු මල්වලට බැඳ පෙම්
ලස්සනයි මුදු සීත නළවැල් කරන විට දඟකම්
සංසාර සාගරේ රළ රැලි නැඟෙන විට මනරම්
කවියකට ගෙන මිහිලියගෙ තුනු සපුවෙ මල් ලියකම්
රහස් පවසනු ඇත ගලන ගඟුලකට දී සිතුවම්
නඟන තුරුපත් හඬද සංගීතයකි මුදු නලට
සිනිදු මල් පෙති මත රඟයි සිත් සතුට ඇති එමට
පුංචි හසරැලි පියා සලනා අහස තෙක් උසට
හත් වළලු සිඳ බිංදු මල් වැසි දොවයි සිත් කෙතට
වේරපොල – දයා වන්නිනායක
පුංචි අටපට්ටම් කූඩුවේ
සතර සමචතුරශ්‍ර චතුරාර්ය සත්‍ය ලෙසින්
ත්‍රිකෝණ අටෙන් පෙන්වයි අරිඅට දහම
සංසාරේ ලෙසින් දිස්වෙයි පවනේ ලෙලෙන රැලී
උඩ යට බවින් හැඟවේ ඉපදුම සහ මරණේ
ඉපදෙන මැරෙන මේ දිවි කතරේ අරුමේ
ඔබ අප කරයි නිතරම ජීවිත තරගේ
දැන නොදැන කරනා පින පව මේ දිවි සසරේ
රිය සක ලෙස කැරකී එයි දිවි චක්කරේ
පමා නොවී මේ පින් හැම රැස් කරගන්නේ
කුසීත සිතින් අහකට වී මඳකට නැගිටින්නේ
කුසලට පිනකට ඇයි ඔබ කම්මැළි වන්නේ
කලකින් නොවේද මිනිසත් බව ලැබ ගන්නේ
මාතර – දුලාංජලී නිශ්ශංක
වරෙක ඈ….
නොසැලෙන ගැහැනියකි …….
කනපිට පෙරළුණෙ ඇයි අපෙ ජීවිතෙ
සොයනව මා ලෙඩ ඇඳේ ඉඳන්
ගත වෙව්ලනවා සිත නළියයි මගෙ
දා බිඳු වැගිරෙයි ඉහින් කනින්
මියැදුණ පණ නල නෙත්හැර බැලුවා
ඉවසීමෙන් ඔබ කැපවෙනා දැක මාගෙ නමින්
පෙම්සුව තැවරු රුවන් මාළිගෙ හයියට සාදමු
නොබිදෙන්නට නම් ඇසුරු සැණින්
සුරතල් දියණිය, මාව බදාගෙන පිය මං කරනව
බලා හිඳී ඔබ පෙගුණ නෙතින්
රන්කඳ මාගෙ රැක ගත්තා යැයි කෑමොර දෙයි
ඔබ උහුලා ගනුබැරි සතුටු සිතින්
ආත්ම ගණනක දුක සැප විඳ විඳ සිටියා
ඇති මගෙ බිරිඳ වෙමින්
මතුවට වෙන්නකො වැදු අම්මාවී
ඔබේම මව් කිරි සුවඳ අරන්
රත්දොළුගම – සනන් උක්වත්ත
ගුරු සිත
වෑරුණු දෙපා
සොලවන්නට තානමට
වේ වැල් කෝටු
අරගන්නට බෑ අතට
ගල්කැට අතර
හමුවෙයි නියපොතු සුමට
ඇල්මෙන් අකුරු
උගනින්නට බෑ නුඹට
සිව් සිය ගණන්
දුර යන්නට නගරයට
දුම්රිය මැදිරි
පහු වෙනවා එක පෙළට
පොප්ලරයෙනි ඉතින්
එනවා මම අයිලයට
අල්තිනායි ! ඔබ යා යුතු
ලෝකයට
මතුගම – නයෝමි අමරසිංහ
තවත් ගහැනියක්
කුඩා පුතු ඇකයේ හොවා
පදික වීදියේ කොණක
අත පෑවේ කුසගින්න
උහුලන්න බැරිම තැන
ඇතැමුන්ගේ පරුස බස්
ඇතැමුන්ගේ සමච්චල්
අවුළුවයි සිතේ ගිනි
කුසගින්නටත් වැඩිය
අසමි මම මගේ සිතින්
සිය දහස් වාරයක්
ජීවිතය වැරදුණේ
යදින්නියකට පමණමද ?
මාලතී රූපිකා පුංචිහේවා
යහමඟට
සෙනෙහස ආදරය දරුවන් හට දුන්නා
තුටුවෙයි ඒගැන වනමල් හසරැලි පෙන්නා
ගෙදර බුදුන් යන නම ගෙන වැඩ ඉන්නා
නම දිමු හදවතින් අපි මව්පිය දෙන්නා
මිණි මුතු වලින් බැහැ වටිනාකම දෙන්ට
මේ ගුණ සුවඳ නැහැ මිල මුදලට ගන්ට
දෙන අවවාද නිසි පිළිවෙළකට ඉන්ට
දැක්විය යුතුය ගෞරව වැඩිහිටියන්ට
ක්‍රෝධය රකුසෙක්ය මනසට ඇතුළු වන
දරුණුයි නැසිය හැක යම් කිසිවකුගෙ පණ
රැකගෙන ඉවසීම කරුණා දැහැමි ගුණ
වළකමු ක්‍රෝධ රකුසා දුක වෙහෙස දෙන
කුරුඳුකුඹුරේ – නන්දසිරි
පරිසරය සුරකිමු!
පිවිතුරු අනගි පරිසරයක් ඇති කරමු
ලෙඩ දෙන මදුරු උවදුරු නිති දුරු කරමු
පරිසර දිනය දින දින ඔපවත් කරමු
කවුරුත් එකමුතුව රට ජාතිය නඟමු
ඔබගේ ගෙයි පැලේ පාරේ හා වත්තේ
ලෙඩ දෙන මදුරුවන් හා මැස්සන් රොත්තේ
විෂ දළ නිසා දැයකට සිදුවන තත්තේ
තේරුම් අරන් නිසි පිළියම් කළ යුත්තේ
තැනකින් ඩෙංගු උණ තැනකින් කොළරාව
යන පණිවිඩය දසතේ දෙයි ප්රතිරාව
මේ ගැන සිතන්නට දැන් හොඳ වේලාව
සිඳලමු මදුරු බෝවන දිය සීරාව
පානදුර – වඳුරන්මුල්ල වත්තේ ලයනල් ජයලත්