පාසල් වෑන් රථ, ත්‍රිරෝද රථ, කාර්යාල ප්‍රවාහන සේවා ඇතුළු සියලු මගී ප්‍රවාහන සේවා නියාමනය කරමින් ගාස්තු නියම කිරීම සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා සිළුමිණට කීය.
ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත මේ වන විට සංශෝධනය කර ඇති බවත් එය කඩිනමින් කැබිනට් අනුමැතියට යොමු කෙරෙන බවත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පසුව ක්‍රියාත්මක කරනු ලබන බවද ඔහු පෙන්වා දුන්නේය.
ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධිත පනතට අනුව ඉදිරියේදී ජලය ආශ්රිත මගී ප්‍රවාහන සේවාද (Ferry Service) ද නියාමනය කර ගාස්තු නියම කිරීමට යටත් කෙරෙන බවත් මගී පහසුකම් සැලසීම වෙනුවෙන් ඇමැතිවරයාට අවශ්‍ය අවස්ථාවකදී ඕනෑම මගී ප්‍රවාහනයක් එම පනතට අනුව නියාමනයට යටත් කළ හැකි බවද ඔහු කීය.
ඒ අනුව ගාස්තු නියාමනය කිරීම කොමිසමට බලාත්මක කළ හැකි බවද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මවුපියන් විශාල වශයෙන් අපහසුතාවයට පත් කරමින් අය කරනු ලබන පාසල් වෑන් රථ ගාස්තුත් නියාමනයකින් තොරව අය කරනු ලබන අධික ත්‍රිරෝද රථ ගාස්තුද මේ යටතේ විශේෂ නියාමනයකට ලක් කෙරෙන අතර කාර්යාලයීය ප්‍රවාහන සේවා (කාර්යාල බස් රථ හා වෑන් රථ) මෙන්ම කුලී ප්‍රවාහන රථ (Rent/ Hire Vehicle) මේ යටතේ නියාමනය කර ගාස්තු නිර්දේශ කෙරෙනු ඇත.
තාරක වික්‍රමසේකර