Home » වර්ජන දියත් කිරීම රටට බරපතළ හානියක්

වර්ජන දියත් කිරීම රටට බරපතළ හානියක්

මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

by Mahesh Lakehouse
July 13, 2024 12:36 am 0 comment

ආර්ථිකය ගොඩනැඟෙමින් ඇති අවස්ථාවක ආර්ථික සහන ඉල්ලමින් වර්ජන දියත් කිරීම රටට කරන බරපතළ හානියක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ පැවසීය.

ඇතැම් වෘත්තීය සමිති තම දේශපාලන පක්ෂ ජයග්‍රහණය කරවීමේ අරමුණින් 60, 70 දශකවල ගත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වර්තමානයේ ද ක්‍රියාත්මක කරමින් රට නැවත වරක් අර්බුදයක් කරා ගෙන යෑමට උත්සාහ කරන බවද මහාචාර්යවරයා සඳහන් කළේය. මෙය ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයක් වන අතර වර්ජන හේතුවෙන් රටේ ආර්ථිකයත් ජන ජීවිතයත් කඩාකප්පල් නොකිරීම වෘත්තීය සමිතිවල විශාල වගකීම බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් කෙටිකාලීනව ඇතිවන තත්ත්වය සියලු දෙනාට පොදුබව හෙතෙම අවධාරණය කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division