විවිධ සම්‍යප්‍රයෝග මඟින් ආණ්ඩුව මැතිවරණ කල් දැමීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසයි. ‘‘මේ වන විට මේ රටේ මැතිවරණ දෙකක් කල් දාල තියෙනවා. පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය මේ වන විට පවත්වන දිනයක් ගැන හිතන්නවත් බැහැ. ඒ වගේම තමයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයත් මඟහැරලා හැංගෙන්න හදන උත්සාහයක් තමයි පේන්න තියෙන්නෙ.
එක් අවස්ථාවක ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනත් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කතා වුණා, ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණය පළමුවෙන් තියන්න කතා වුණා, ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයයි ජනාධිපතිවරණයයි එකට තියන්න ඕන කියල කතා වුණා, ජනාධිපතිවරණ නොතියා ධුරකාලය දික්කරගන්න කතා වුණා, මේ ඔක්කෝම අසාර්ථක උත්සාහයන්.
ඒ නිසා අපි කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයට නෙමෙයි ආණ්ඩුවටම ගෙදර යන්න ලෑස්තිවෙන්න කියලයි.
රසික කොටුදුරගේ