Home » තරුණයන්ට රැකියා දීම Z අගය අනුව කළ යුතුයි

තරුණයන්ට රැකියා දීම Z අගය අනුව කළ යුතුයි

පා. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

by Mahesh Lakehouse
July 13, 2024 12:34 am 0 comment

උසස් පෙළ සුදුසුකමක් මත ලබා දෙන රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු පිරවීමේදී Z අගය මත රැකියා ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මාතර දිස්ත්‍රික් පා. මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පසුගිය සිකුරාදා පැවසීය. මෙම යෝජනාව ප්‍රායෝගිකව යථාර්ථයක් කිරීමෙන් සුදුසුකම් සහිත දරුවන්ට සාධාරණ ලෙස රැකියා අවස්ථා ලබාදිය හැකි බවත් එම යෝජනාව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට යොදා ගැනීමෙන් එය යථාර්ථයක් කළ හැකි බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය අංශයේ උසස් පෙළ සුදුසුකම් සහිත රැකියා පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් වූ පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව කියා සිටියේය. මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

දශක හතරක් තුළ තරුණ නැඟිටීම් තුනක් සිදු වුණා. මේ පින් බිම තරුණ රුධිරයෙන් නැහැ වුණා. තරුණ අසහනයට පිළිතුරු සෙවීමට යෝජනා රැසක් ඉදිරිපත්ව තිබෙනවා. මැතිවරණ වෙළඳපොළේ ඉහළම ලංසුව හමුවන භාණ්ඩය වනුයේ රැකියාව. මැතිවරණයේ දී රැකියා ෆෝම් පුරවනවා. බදුල්ලේ දැනුත් බෙදනවා. මේ වෙලාවේත්. මේක අප්‍රසන්න ක්‍රියාවක්. නමුත් මැතිවරණ ක්‍රියාවත් එක්ක ඒ දේ බද්ධ වෙලා තිබෙනවා. එය ඉවත් කිරීම සඳහා තමයි මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. කුසලතාවාදය ගැනත් අපේ රටේ සාකච්ඡාවක් තිබෙනවා. කුසලතාවට ඉඩක් නැහැ කියලා කියනවා. දේශපාලනිකව රැකියා ලබාදීම සිදු කරනවා. එය නැවැත්විය යුතුයි.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division